×

ට්‍රම්ප්ගේ නේටෝ ප්‍රකාශයෙන් පසු යුරෝපීය නායකයින් ශක්තිමත් ආරක්ෂක සබඳතා ඉල්ලයි

නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ ජීවිත අවදානමට ලක් කරනු ඇති බවයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මූල්‍ය වගකීම් ඉටු නොකළ එක්සත් ජනපදයේ නේටෝ සාමාජිකයන්ට පහර දීමට රුසියාව දිරිමත් කරන බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා(10) දකුණු කැරොලිනාවේ කොන්වේ හි පැවති ප්‍රචාරක රැලියකදී ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් නෙටෝහි නායකයින් මහාද්වීපය පුරා වැඩි සමගියක් සහ මිලිටරි සහයෝගීතාවයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඊයේ(12) දිනයේදී ප්‍රංශය සහ පෝලන්තය ආරක්ෂක, බලශක්ති සහ සංස්කෘතික ගැටළු ආවරණය වන පරිදි නව ගිවිසුමක් ඇතිකර ගැනීම අරමුණු කරමින් පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක්, සඳුදා පැරිසියේ සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ සාකච්ජා කර තිබුණේ, යුරෝපීය සංගමය, ප්‍රංශය සහ පෝලන්තය ශක්තිමත් විය යුතු බවත්, සිය දේශසීමා ආරක්ෂා කර ගැනීමට සහ සංගමයෙන් පිටත සිටින අපගේ සගයන් සහ මිතුරන් ආරක්ෂා කිරීමට සහ සහාය දීමට සූදානම් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ ජීවිත අවදානමට ලක් කරනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි