×

ඉරානයේ සුප්‍රසිද්ධ එවින් බන්ධනාගාරයේ ගින්නක්

මීට සති පහකට පමණ පෙර සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටි මහ්සා අමීනිගේ මරණයත් සමඟ 1979 න් පසු ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු එයට එල්ල වූ නිර්භීතම අභියෝගය මේ වන විට එල්ල වෙමින් ඇත.


ඉරානයේ දේශපාලන සිරකරුවන්, මාධ්‍යවේදීන් සහ විදේශීය පුරවැසියන් සඳහා ප්‍රසිද්ධ එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබේ. මින් රැඳවියන් අට දෙනෙකු පමණ මේ වන විට තුවාල ලබා ඇති අතර මේ වන විට තත්වය සමතයකට පත්කර ඇති මුත්, ගින්න තව දුරටත් පවතින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

රජය විසින් දැඩිව පාලනය කරනු ලබන එවින් බන්ධනාගාරය තුළ ඇති වූ කෝලහාලය අපරාධ සිරකරුවන් විසින් ආරම්භ කර ඇති බවත්, කිසිදු දේශපාලන සිර කරුවකු මේ සඳහා සම්බන්ධව නොමැති බවත් තත්වවය මේ වන විට සම්පූර්ණයෙන්ම සන්සුන් බවත් බන්ධනාගාරය තුළ සිට කතා කරමින් ටෙහෙරාන් ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, බන්ධනාගාරයේ තත්ත්වය තවමත් ව්‍යාකූල බව බීබීසී වාර්තා කර ඇති අතර බ්නධනාගාරය තුළ ගින්න තවමත් ඇවිලෙමින් පවතින අතර බන්ධනාගාරය අවටින් ඇසෙන වෙඩි හඬ දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල දිගින් දිගටම පළවෙමින් තිබේ. මෙම වීඩියෝපට වල රැඳවියන් කොටසක් බන්ධනාගාරයේ වහලය මත සිට විරෝධතා දක්වනුද දක්නට ලැබේ.

මේ වන විට එවින් බන්ධනාගාරයට යන පාරවල් සියල්ල වසා දමා ඇති අතර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට දුරකථනයෙන් තම ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත්, බන්ධනාගාරය අවට අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කර ඇති බව පෙනෙන්නට ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ බන්ධනාගාරය අවට විශේෂ කාර්ය බලකකා කණ්ඩායම් යොදවා ඇති බවත්, බන්ධනාගාරය අවට ගිලන් රථ නවතා ඇති බවත්ය. මෙම බන්ධනාගාරය දිගු කලක් තිස්සේ බටහිර අයිතිවාසිකම් කණ්ඩායම් විසින් විවේදනය කරනු ලබන අතර, හියුමන් රයිට්ස් වොච් බන්ධනාගාරයේ බලධාරීන්ට වධහිංසා පැමිණවීමේ තර්ජන සහ දින නියමයක් නොමැතිව සිරගත කිරීම මෙන්ම, දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ රැඳවියන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.

මීට සති පහකට පමණ පෙර සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටි මහ්සා අමීනිගේ මරණයත් සමඟ 1979 න් පසු ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු එයට එල්ල වූ නිර්භීතම අභියෝගය මේ වන විට එල්ල වෙමින් ඇත. එවින් බන්ධනාගාරයේ ගින්න ද ඒ අනුව යමින් ඇතිවූවක්ද යන්න සැක උපදවමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි