×

මිසිසිපි ඝාතන නඩුව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 37 දක්වා සිර දඬුවම්

එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් මෙම අපරාධ පුරවැසියන්ට එරෙහි දරුණු ප්‍රහාරයක් ලෙස සඳහන් කර තිබිණ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කළු ජාතිකයින් දෙදෙනෙකුට වන මයිකල් ජෙන්කින්ස් සහ එඩී පාකර්ගේ හට ඔවුන්ගේ නිවස තුළදී ඔවුන්ට වධහිංසා පමුනුවා මරා දැමීමේ වරදට හිටපු මිසිසිපි පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් දෙදෙනෙකු වන හන්ටර් එල්වර්ඩ් සහ ජෙෆ්රි මිඩ්ල්ටන් යන දෙදෙනාට ඊයේ(19)දිනයේදී එක්සත් ජනපද අධිකරණය විසින් වසර 37ක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මෙම දඬුවම් නියම වූ පොලිස් නිලධාරීන්ට අමතරව ක්‍රිස්ටියන් ඩෙඩ්මන්, බ්‍රෙට් මැක්ඇල්පින්, ඩැනියෙල් ඔපිඩ්කේ සහ ජෝෂුවා හාර්ට්ෆීල්ඩ් යන ඇයට එළඹෙන බ්‍රහස්පතින්දා අන්දුවම් නියම කරනු ඇති අතර ඔවුන්ට එරෙහිව වරෙන්තුවක් නොමැතිව බලහත්කාරයෙන් නිවසට ඇතුළු වීම, අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, යුක්තියට බාධා කිරීම, නීතියේ වර්ණය යටතේ අයිතිවාසිකම් අහිමි කිරීම, ප්‍රචණ්ඩත්වය යටතේ ගිනි අවියක් මුදා හැරීම සහ යුක්තියට බාධා කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවන් එල්ල වී තිබේ,

ඊයේ(19)නඩු විභාගය තුලදී එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් මෙම අපරාධ පුරවැසියන්ට එරෙහි දරුණු ප්‍රහාරයක් ලෙස සඳහන් කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි