×

ෆේස් බුක් , පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් සම්බන්ධතා සොරකම් කරලා

2016 වසරේ සිට මෙම සිදුවීම සිදුව ඇත


ෆේස්බුක් ආයතනය චේතාන්විත ලෙස පරිශීලකයන් මිලියන 1.5 දෙනෙකුගේ විද්‍යුත් තැපැල් ලිපියන් හා සම්බන්ධ තවත් විද්‍යුත් තැපැල් පරිශීලකයන්ගේ ලිපිනයන් කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකි තොරව රහසේ ලබා ගෙ ඇති බව වාර්ථා වේ.

ෆේස්බුක් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන තොරතුරු පද්ධතියක් ඔස්සේ මෙම ලිපිනයන් ලබා ගැනීම සිදු කර ඇත.

ෆේස් බුක් ආයතනය විසින් නව පරිශීලකයන් වෙත ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ මුර පද ඇතුල් කරන ලෙස ඉල්ලා ඇති අතර එමගින් එකි නෙකාගේ විද්‍යුත් තැපැල හා සම්බන්ධව තිබූ අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන් ලබා ගැනීම සිදුකර ඇත.

2016 වසරේ සිට මෙම සිදුවීම සිදුව ඇති අතර ඊට පෙරදී සිදුව ඇත්තේ නව පරිශීලකයෙන් ඇතුල් වන විට ඔහුගේ විද්‍යුත් තැපෑල හා සම්බන්ධ ලිපිනයන් යාවත් කාලීන කළ යුතුදැයි යන්න පරිහීලකයාගෙන් අසා. ඔහු ඔවු යන විධානය දුනහොත් පමණක් එය ෆේස්බුක් හා සම්බන්ධ කිරීමය නමුත් 2016න් පසුව පරිශීලකයා ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කිරීමේදී එවැන්නක් නොඅසන අතර පරිශීලකයා වෙත පවසන්නේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුර පදය ඇතුල් කරන ලෙසයි. එම අවස්ථාවේදී අදාළ පරිශීලකයාගේ විද්‍යුත් තැපැල් ලිපිනය හා බැඳුනු සියළු ලිපින ෆේස්බුක් පද්ධතියට පිටපත් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි