×

ෆේස්බුක් පරිශීලකයන්ට වෙනම Dating ඇප් එකක්

ඇමරිකාවේ ෆේස්බුක් පරිශීලකයන් සඳහා ෆේස්බුක් සමාගම විසින් Dating ඇප් එකක් හඳුන්වා දී ඇත.


Facebook සමාගම විසින් හඳුන්වා දී තිබෙන මෙම ඩේටින් ඇප් එකේ නම Facebook Dating ය. එමගින් සිදු කරන්නේ ඔබේ මිතුරු ලැයිස්තුවේ සිටින අය අතරින් ඔබ ගැන රහසේ උනන්දු වන අය, ඔබට රහසින් ප්‍රේම කරන අය යනාදීන් ගැන ඔබ ව දැනුවත් කිරීමයි.

මෙය හැඳින්වෙන්නේ ෆේස්බුක් පරිශීලකයන් පුල පුලා බලා සිටි යෙදවුමක් වශයෙනි.

කෙසේ නමුත් මෙය භාවිතා කිරීම සඳහා මේ වෙනුවෙන්ම වෙනම ප්‍රොෆයිල් එකක් (standalone profile) සාදා ගැනීම අවශ්‍ය වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම ඇප් එක භාවිතා කිරීමේ අවස්ථාව ඇමරිකානු ෆේස්බුක් පරිශීලකයන් හට හිමි වේ.

ලබන වසරේ සිට මෙම පහසුකම යුරෝපයට ද ලබාදීමට නියමිත ය.

මෙම ඇප් එක Instagram සමග ද සම්බන්ධ කර තිබෙන නිසා ඉන්ස්ටා පෝස්ට් තුළින් ද සිය ඡායාරූප ආදිය සමාජ ජාලයට එක් කිරීමට පරිශීලකයන් හට අවස්ථාව ලැබේ.

Facebook Dating app will not launch in the UK or Europe until next year (Facebook)
Facebook Dating app will not launch in the UK or Europe until next year (Facebook)

නමුත් මිතුරු ලැයිස්තුවේ නැති නමුත් ඔබ ගැන උනන්දුවෙන් පසුවන සමාජ ජාල පරිශීලකයන් ඔබ සමග සම්බන්ධ කිරීමට 2018 වසරේ අප්‍රේල් මාසයේ F8 developer conference හිදී නිවේදනය කළ ෆේස්බුක් හි Secret Crush ඇප් එකට පුළුවන. මෙමගින් ‘කැපෙන ජෝඩු‘ ලැයිස්තුගත කිරීමක් පවා සිදු කරයි. නමුත් ඒ වන විට ෆේස්බුක් සමාජ ජාලය අති දැවැන්ත දත්ත අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිසා මේ ඇප් එක සාර්ථක වූයේ නැත.

අලුත් ඇප් එක ආරක්ෂිතයි – සකර්බර්ග්

මේ අනුව ෆේස්බුක් හි පුද්ගලික සම්බන්ධතා ඉලක්ක කරගෙන නිර්මාණය වන අලුත්ම ඩේටින් ඇප් එක වන ෆේස්බුක් ඩේටින් හි ආරක්ෂිත බව, එයට ලබාදෙන දත්ත වැරදි ලෙස පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් මේ වන විට විශාල අවධානයක් යොමු ව ඇත. මේ සම්බන්ධයෙන් විමසූ විට ෆේස්බුක් හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ‘එය මුල පටන්ම ඉතාම ආරක්ෂිත ලෙස‘ නිර්මාණය කර ඇති බවයි. ‘‘ඔබේ මිතුරන් ඔබේ ප්‍රොෆයිල් එක දකින්නේ නැහැ. එමගින් ඔබේ මිතුරන් නොවන ආගන්තුකයන් සමග පමණක් ඔබ ව සම්බන්ධ කිරීම සිදුකරනවා ඇති.‘‘ යැයි ද ඔහු පවසා තිබේ.

ෆේස්බුක් ප්‍රධානියා පවසන ආකාරයට මෙමගින් දිරිමත් කරන්නේ කෙටි කාලීන සබඳතා (hookups) නොව දීර්ඝ කාලීන සම්බන්ධතා ය.

නමුත් අන්තර්ජාලය තුළ, සමාජ ජාලය තුළ හටගන්නා සබඳතා සැබෑ ලෝකයට අදාළ කර ගන්නේ කෙසේද යන්න සම්පූර්ණයෙන්ම සමාජ ජාල පරිශීලකයාට බාර ය




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි