×

20 සියවසේ පාපන්දු ලොව ශ්‍රේෂ්ඨතම පන්දු රකින්නා හෙවත් බ්ලැක් ස්පයිඩර්… යාෂීන්

20 වන සියවසේ හොඳම පන්දු රකින්නා යාෂින්ය(Yashin). පාපන්දු ලෝකය ඔහුව දන්නේ බ්ලැක් පැන්තර් හා බ්ලැක් ස්පයිඩර් යන නමිනි.


පාපන්දු ඉතිහාසයේ කිසි දින නොමැකෙන නාමය තවමත් ලොව ශ්‍රෙෂ්ඨතම පන්දු රකින්නා Lev Yashin  ගේ නාමය අදටත් එලෙසම දිදුළන්නේය…

”20 වන සියවසේ හොඳම පන්දු රකින්නා ඔහුය.”

පාපන්දු ලෝකය ඔහුව දන්නේ බ්ලැක් පැන්තර් හා බ්ලැක් ස්පයිඩර් යන නමිනි. රුසියානු පාපන්දු ඉතිහාසයේ බැබලෙනම තරුව වූ යාෂීන් උපන්නේ 1929 වසරේ ඔක්තොම්බර් 2 2 වන දාය.. ඔහු මිය ගියේ 1990 වසරේදීය..

 

රුසියානු පාපන්දු ඉකිහාසය විප්ලවීය ලෙස වෙනස් කල යාෂීන් පාපන්දු තරඟ අතරවාරයේ මුළු තරඟයම සියතට ගන්නේ පන්දු රකින්නා ලෙස පමණක් නොව සමස්ත තරඟයේම මෙහෙයුම් කරුවා ලෙස ක්‍රියා කරමිනි. තරඟය ආරම්භ ක අවස්ථාවේ සිටම අවසන් වන තෙක්ම තම පිළේ සියළු සාමාජිකයන් වෙත කළ යුතු දෙය මෙන්ම පන්දුව මී ළඟට යොමු විය යුත්තේ කෙහේටදැයි යන්න කෑ ගසා පැවසුයේ ඔහුය.

තමන් සහභාගී වූ සියළු තරඟ වලදී ඔහු සැරසී සිටියේ කළු පැහැයට සමාන වූ තද නිල් පැහැයෙනි.. ඔහුට බ්ලැක් පැන්තර් නාමය ලැබුනේ ඒ නිසාවෙනි.

ප්‍රථම වතාවට ජාත්‍යන්තරව විකාශය කළ 1958 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ දී රුසියාව නියෝජනය කරමින් පන්දු රකින්නා වූ ඔහුගේ ක්‍රියාශීලී බව සමස්ත ලෝක වාසීන්ගේම සිත දිනා ගත්තේය.

එතැන් පටන් ඔහු ලෝක ශූරතාවලීන් 4ක් සඳහා සහභාගී විය ඒ 1958 සිට 1970 දක්වා කාලය අතර තුරයි. 1998 වසරේදී FIFA World Cup All-Time Team සඳහා ඔහුව තේරීපත් වී අතර එහිදී ලොව පාපන්දු ලෝලීන්ගේ ඡන්දයෙන් ජනප්‍රියම පන්දු රකින්නා බවට ඔහු පත්විය.

පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ඔහු පන්දු රකින්නා ලෙස තරඟවලදී රැක ඇති පන්දු ගණන 150ක් වේ . සිය වෘත්තීය පාපන්දු ජීවිතය පුරා සිය රැකියාවේ ගෞරවය රැක ගත් ඔහුට හිමි වූ clean sheets ගණන 270 කි.

1956 වසරේදී ඔලිම්පික් පාපන්දු ශූරතාවලියේදී සහ 1960 වසරේදී යුරෝපීය පාපන්දු ශූරතාවලියේදී ඔහු රන් පදක්කම් ලැබුවේය. ඔහු Ballon d’Or, ප්‍රංශයෙන් පිදෙන සම්මානය ලබා ගත් ලොව ප්‍රථම සහ එකම පාපන්දු රකින්නා වන්නේය.

ළමා අවධිය.

කාර්මික සේවකයන් වූ දෙමාපියන්ට දාව 1922 දී මොස්කවුහීදී උපන් යාෂීන් දෙවන ලෝක යුද්ධය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් විය . එවිට ඔහුට වයස අවුරුදු 12ක් පමණී. එතරම් කුඩා වයසකදී කම්කර්වකු ලෙස කර්මාන්ත ශාලිවක සේවය කරන්නට ඔහුට සිදු විය. එතැන් සිට ඔහුගේ ජීවිතය අඳුරු යුගයක් ව ගොවී ගියේය. වයස අවුරුදු 18 දී ස්නායු රෝගයක් නිසා පීඩා විඳින්නටද ඔහුට සිදු විය. කිසිදා සිය නම ජාත්‍යන්තරය වෙත යු ඇතැයි ඔහු සිතන්නට නැත. ස්නායු රෝගයකින් පීඩා විඳිමින් සිටියදීම රුසියානු හමුදාවේ කාර්මික සේවකයෙක් ලෙස සේවය කරන්නට ඔහුට සිදු වූණේ අකමැත්තෙනි. නමුත් එය ඔහුගේ වාසනාව ගෙනා සන්ධිස්ථානයක්ද විය . සිය කර්මාන්තශාලාවේ ක්‍රිඩා කණ්ඩායමට තරඟ කළ ඔහුට පසුකාලීනව සිය රට නියෝජනය කිරීම ස දහා වාසනාව උදා වන්නේය. ඒ 1954 වසරේ සිටය.

 

පන්දු රකින්නා ලෙස රුසියානු කණ්ඩායම නියෝජනය කිරීමේන් පසුව රුසියානු පාපන්දු පාලක මණ්ඩලයේ නිළධාරියෙකු ලෙස වසර 20ක් සිය රට වෙනුවෙන් ඔහු සේවය කළේය. 1990 වසරේ ඔහු මිය ගියේ ආමාෂයේ ඇති වූ පිළිකාවක් හේතුවෙනි.

Yashin revolutionised the role of goalkeeper like no other before him, by always being ready to act as an extra defender” and by “starting dangerous counter-attacks with his positioning and quick throws”.

— France Football, June 2018.

2018 වර්ෂයේ ෆිෆා තරඟාවලායේ සත්කාරක රට වූයේ රුසියාවයි. මේ වන විටත් 88 හැවිරිදි ඔහුගේ බිරිය ඔහු ගැන ආඩම්බර හැඟීම්ද සමඟින් මොසේකවු හී ජීවිත් වන්නීය.

ඈ විසින් බී බී සී මාධ්‍ය  සමග සැමියා ගැන මතක සටහන් ආදරණීය ලෙස අවධි කර තිබුණි Yashin

lev yashin stats Best of From Bobby Moore to Franz Beckenbauer All time World Cup XI

මෙවරද රුසියාව පුරා ඔහුගේ ඡායාරූප පෙනෙන්නට තිබූ ණි. ඔහුගේ අඩුව තරඟාවලිය පුරාම රුසියානු කණ්ඩායමට දැනෙන්නට ඇත. ඔහු පාපන්දු ලෝකයෙන් ඉවත්ව දශක ගණනාවක් ගෙවී ගොස් තිබුණද .. ඔහු මේ වන විට මිහි පිට නොසිටියද ජාත්‍යන්තර මාධ්‍ය වල 20 සියවසේ පාපන්දු වීරයා යාෂීන් ගැන අපමණ ගුණ ගයා තිබෙනු දැක ගත හැකිවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි