×

සඳ මත දළු දැමූ කපු පැළයේ ආයුෂ පැය 24කට සීමා වෙයි.

රාත්‍රී කාලයේ ස‍ඳ මත පවතින අධික ශීතල මෙයට හේතුවයි.


චීනය විසින් සද මතට යැවූ කපු බීජ පැළවීමත් සමස්ත ලෝකයම නව බලා පොරොත්තු අති කර ගත්තේය. ඒ අනාගතයේදී ගගනගාමීන්ට තමන්ගේ ආහාර නිපදවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි යන සිහිනයත් සමගිනි.

නමුත් සඳ මත පැළ වූ කපු පැළය ට වැඩි ආයුෂ තිබුණේ නැත. ඒ පිළිබදව තොරතුරු අනාවරණය කරමින් මහාචාර්ය ක්ෂි ජෙන්ක්ෂින් පවසා තිබුණේ රාත්‍රි කාලය වන විට අධික ශීතල නිසා උඩට ආ දළු මැරී ගොස් ඇති බවයි.

චීනය විසින් සදට යැවූ චේන්ජ් 4 ළගා වූයේ සදෙහි පෘථිවියට විරුද්ධ පැත්තේහි පිහිටි පෘෂ්ඨයටයි.
චීනයේ ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසන පරිදි මිය ගිය කපු බීජ සීල් කරන ලද කුඩා පෙට්ටිය තුළදී වියෝජනය වනු ඇති බැවින් එමගින් චන්ද්‍රයාගේ පරිසරයට හානියක් ඇති නොවනු ඇත.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ බීජ පැළ කර තිබුණද සඳ මත බීජයක් පැළ වූ අවස්ථාව මෙය වෙයි. මේ සමග යැවූ අර්තාපල් බීජ, යීස්ට් සහ අනෙක් කිසිවක් පැළ වනු ඇති බවට සළකුණක් හෝ නොමැති බවද ඔවුන් පවසයි.

මේ සමග යැවූ පළතුරු මැස්සාගේ බිත්තරද පුපුරා යනු ඇතැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි බව පවසන චීන විශේෂඥයින් පවසන්නේ සාමාන්‍යයෙන් පළතුරු මැස්සා කම්මැලි සතෙක් බවත් ඒ නිසාම ඔවුන් ගැනද විශාල බලාපොරොත්තුවක් මේ වන විට නොමැති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි