×

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුදුගලයන් 05 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල

මෙම ප්‍රහාරය පිළිබඳව රජය කිසිදු නිල නිවේදනයක් ඉදිරිපත් කර නොතිබිණි.


සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි හමුදා පුහුණු කඳවුරක් අසල මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව රජයේ SONNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිළිබඳව රජය කිසිදු නිල නිවේදනයක් ඉදිරිපත් කර නොතිබිණි.

අල්-කයිඩාහි මිත්‍ර සන්ධානයක් වන අල්-ෂබාබ්, දශකයකට වැඩි කාලයක් සන්නද්ධ සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර රටේ මධ්‍යම රජය පෙරළා ඉස්ලාමීය නීති පදනම්ව තමන්ගේම පාලනයක් පිහිටුවීමට උත්සාහ කරයි. ඔවුන් අගනුවරින් පන්නා දමනු ලැබුවද තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශයන් පාලනය කරමින් සිටියි.

ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ්ගේ අධීක්ෂණය යටතේ පසුගිය සිකුරාදා දින මධ්‍යම හර්ෂාබෙල් ප්‍රාන්තයේ මෙහෙයුමකදී හමුදාව අල්-ෂබාබ් සටන්කාමීන් 100 කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බව සෝමාලියානු තොරතුරු අමාත්‍යාංශය පවසා තිබේ.

ඒ අනුව හමුදා පුහුණු කඳවුර අසල ඇති වූ බෝම්බ ප්‍රහාරය ද අල්-ෂබාබ් ක්‍රියාකාරීන් විසින් කරන ලද්දක් බව SONNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි