×

ලන්ඩනයට ගං වතුර – රෝහල් කිහිපයකුත් ජලයෙන් යට වෙයි

සෙන්ට්‍රල් ලන්ඩනය ඇතුළු ලන්ඩනයේ ප්‍රදේශ ගණනාවක් හදිසි ජල ගැලීම්වලට නතු වී ඇත.


ගිනිකොණදිග එංගලන්තයට මිලිමීටර 75-100 අතර දැඩි වර්ෂාපතනයක් ලැබීම මෙයට හේතුවයි.

නැගෙනහිර ලන්ඩනයේ විප්ස් ක්‍රොස් වැනි රෝහල් කිහිපයක් ද ජලයෙන් යට වී ඇති අතර, රෝගීන්ට ඉවත් ව සිටින ලෙසට උපදෙස් ද නිකුත් කිරීමට සිදු විය.

ලන්ඩන් නුවර ප්‍රධාන මාර්ග ගණනාවක් ජලයෙන් යට වී ගිය අතර, එම මාර්ග ඇළ මාර්ග බවට හදිසියේ පරිවර්තනය වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

සෆෝක්, එසෙක්ස් වැනි ප්‍ර දේශ ගණනාවක් සඳහා ද මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පසුගිය දිනවල ඇති වූ දැඩි ගිම්හාන උණුසුම මැද, මෙවැනි හදිසි ගංවතුර තත්වයන් ඇතිවීම, දේශගුණික විපර්යාසවල බලපෑමට ලෝකය වේගයෙන් හසු වෙමින් යන බවට වැඩිදුර සාක්ෂියකි.

 

පෙර ලිපිය

මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසන් කාර්තුවද?

 

මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසාන කාර්තුව ද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි