×

ෆෝඩ් සමාගම කෝපි අපද්‍රව්‍ය වලින් හෙඩ් ලයිට් සෑදීම අරඹයි!

කෝපි කොටස් කාර් කොටස් බවට පත්කිරීමට ෆෝඩ් මැක්ඩොනල්ඩ්ස් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.


කෝපි කොටස් කාර් කොටස් බවට පත්කිරීමට ෆෝඩ් මැක්ඩොනල්ඩ්ස් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම වසර ආරම්භයේ සිට, ෆෝඩ් සමාගම කෝපි දහයියා – කෝපි බෝංචි සම, බැදීමේ ක්‍රියාවලියේදී පිටවන කෝපි කොටස්, සමහර මෝටර් රථවල භාවිතා කරන ප්ලාස්ටික් හෙඩ්ලෑම්ප් නිර්මාණය කිරීමට භාවිතා කිරීම අරඹා ඇත.

මෑත වසරවලදී, ප්ලාස්ටික් දූෂණය හා කාබන් විමෝචනය පිළිබඳව පාරිභෝගිකයින් වැඩි සැලකිල්ලක් දක්වමින් වාහන තේරීමට පෙලඹී ඇත, මේ කරුණු වලින් පරිසරයට ඇති කරන බලපෑම අවම කිරීම සඳහා ෆෝඩ් සමාගම් විසින් විශාල කැපවීමක් කර ඇත.

ඔවුන් පාරිභෝගික නිෂ්පාදන ගොඩනැගීම සඳහා නව්‍ය, තිරසාර ද්‍රව්‍ය සංවර්ධනය කරමින් සිටී.

සාම්ප්‍රදායිකව ෆෝඩ් සිය හෙඩ් ලාම්පු සෑදීම සඳහා ප්ලාස්ටික් හා ටැල්ක් භාවිතා කරන බව ෆෝඩ් හී ද්‍රව්‍ය තිරසාර බව පිළිබඳ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප්‍රධානී ඩෙබී මුවෙල්ස්කි පැහැදිලි කළේය. කෝපි අනුවාදය වඩා තිරසාර වන්නේ එය සැහැල්ලු වන අතර ඛනිජයක් ලෙස පුනර්ජනනීය නොවන ටැල්ක් ද භාවිතය අනවශ්‍ය බැවිනි.

අනෙක් අතට කෝපි දහයියා විශාල පරිමාණ ලෙස ලබා ගත හැකි බව මුවෙල්ස්කි පැවසූ අතර එයින් වැඩි ප්‍රමාණයක් ඉවතලන ඒවා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි