×

හිටපු අගමැති THAKSIN SHINAWATRA ට නිදහස!

අගමැති ශ්‍රේතා තවිසින් විසින් එහිදී තායිලන්තයේ දියුණුව වෙනුවෙන් හිටපු අගමැතිවරයා සිදුකළ සේවය සම්බන්ධයෙන් ද අගමැතිවරයා විසින් එහිදී කරුණු දක්වා තිබුණි


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස 6ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව , සිරදඬුවම් නියමවී සිටි තායිලන්තයේ හිටපු අගමැති Thaksin Shinawatra ව අද (13) නිදහස් කළ බව එරට අගමැති ශ්‍රේතා තවිසින් කියා සිටී.

අගමැති ශ්‍රේතා තවිසින් විසින් එහිදී තායිලන්තයේ දියුණුව වෙනුවෙන් හිටපු අගමැතිවරයා සිදුකළ සේවය සම්බන්ධයෙන් ද අගමැතිවරයා විසින් එහිදී කරුණු දක්වා තිබුණි.

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වසර 8ක සිර දඬුවම් නියමකර තිබුණු අතර ඔහු මීට වසරකට පෙර නැවත තායිලන්තයට පැමිණියේ වසර 15ක පමණ කාලයක් විදෙස්ගතව ජීවත්වීමෙන් පසුව යි.

74 හැවිරිදි හිටපු අගමැතිවරයාට එරෙහිව පනවා තිබූ වසර 8ක සිර දඬුවම ඔහු නැවත තායිලන්තයට පැමිණීමෙන් අනතුරුව වසරක් දක්වා අඩු කිරීමට එරට රජු නියෝග කළ අතට, ඔහු සිය දඬුවමේ එක් දිනයක් හෝ බන්ධනාගාරයක ගත කර නොමැති බවත් , එම මාස 6ක කාලය ගත කළේ රෝහලක බවත් සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි