×

ඩිමොක්‍රටික් පක්ෂ ඉතිහාසයේ මුලකුරු දත් හිටපු කොන්ග්‍රස් සභික ජෝන් කොනියර්ස් අභාවප්‍රාප්ත වෙයි

මිය යන විට ඔහු 90 වන වියේ පසුවිය.


ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ කැපී පෙනෙන චරිතයක් වූ හිටපු කොන්ග්‍රස් සභික ජෝන් කොනියර්ස් අභාවප්‍රාප්ත වෙයි. 

මිය යන විට කොනියර්ස් අනූවන වියේ පසුවූ බවට වාර්තා වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂය තුළ අර්ධ ශතකයට වඩා නියෝජනයක් පැවති කොනියර්ස් 2017 වර්ෂය වන තුරු කොන්ග්‍රස සභිකයකු වශයෙන් කටයුතු කරන ලදී. ඔහු කළු ජාතික එක්සත් ජනපද නීති සම්පාදකයින් අතර ප්‍රමුඛයා බවට හඳුනා ගෙන තිබිණි. ඩෙට්‍රොයිට් ප්‍රදේශයේ කොන්ග්‍රස් සභිකයුකු වූ කොනියර්ස් කොන්ග්‍රෙශනල් බ්ලැන් කොකස් (Congressional Black Caucus) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.

කොනියර්ස් එක්සත් ජනපද ඉතිහාසයේ කොන්ග්‍රසයේ සයවන දීර්ඝතම සාමාජිකයා බවට හඳුනා ගැනේ. කොනියර්ස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) සභාපති වශයෙන් ද කටුයතු කොට තිබේ. ඔහුගේ අවසන් ධූර කාලය ද අවසන් වන විට, ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ ජනාධිපති ධුරයේ සිට සේවය කළ කොන්ග්‍රසයේ ඉතිරිව සිටි අවසන් සාමාජිකයා ද ඔහු විය.

කොනියර්ස් ගේ පුරා දශක පහකට අධික ඩිමොක්‍රටික් කීර්තිය පළුදු වූයේ ලිංගික අපයෝජන චෝදනා එල්ල වීමත් සමඟය. 2015 වර්ෂයේදී කොනියර්ස් ගේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් කොනියර්ස් තමාට ලිංගික හිරිහැර කර සේවයෙන් පහ කළ බවට චෝදනා කළාය. ඇය මේ සම්බන්ධයෙන් කොන්ග්‍රස් අනුකූලතා කාර්යාලයට (Congressional Office of Compliance) දිවුරුම් ප්‍රකාශයක් ද ගොනු කළාය. මහජන මුදලින් ඩොලර් 27,000 ක වන්දියන් ඈ වෙත ගෙවූ බවද ඇය පවසා සිටියාය.

2017 නොවැම්බර් 21 වන දින, කොන්ග්‍රසයේ ආචාර ධර්ම කමිටුව (House Ethics Committee) විසින් කොනියර්ස්ට එරෙහි බහුවිධ ලිංගික හිරිහැර චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. පසුව 2017 වර්ෂයේ නොවැම්බර් මසදී කොනියර්ස් දෙවන වරටත් කාන්තාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල විය. කොනියර්ස් යනු කාන්තා විමුක්තිය සඳහා මහඟු කර්තව්‍යයක් සිදුකළ පුද්ගලයකු බවට සහතික කොට සිටි සුළුතර සභානායිකා නැන්සි පෙලෝසි මෙම සිදුවීම් මාලාවෙන් පසු ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියාය. ඊට හේතුව වූයේ කොනියර්ස්ට එරෙහි ගොනුවී තිබූ චෝදනා ඉතා බරපතල හා ඔප්පුකල හැකි ඒවා වීමයි.

ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂයේ අර්ධ ශතකයට එහා ගිය කීර්තියක් ලද ජෝන් කෝනියර්ස් 2017 දෙසැම්බර් 5 වන දින සිය ධූරයෙන් ඉල්ලා අස්විය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි