×

ස්පාඤ්ඤයේ මහල් සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මරුට

මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලේ මහල් නිවාස 130 කට වඩා ඇති අතර එක් මහලක ඇතිවූ ගින්න සුළගේ වේගය හේතුවෙන වහා වහා ව්‍යාප්ත වන්නට ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 22 ක කණ්ඩායම් කැඳවා ඇති අතර එය අසල්වැසි ගොඩනැගිලි වලටද පැතිර ගොස් තිබේ.

ස්පාඤ්ඤයේ (TVE) මහජන රූපවාහිනිය පැවසුවේ මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලේ මහල් නිවාස 130 කට වඩා ඇති අතර එක් මහලක ඇතිවූ ගින්න සුළගේ වේගය හේතුවෙන වහා වහා ව්‍යාප්ත වන්නට ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි