×

නහෙල් වෙනුවෙන් පෙළගැසුනු ප්‍රංශයේ විරෝධතාවයන් පස්වන දිනටත් අඛණ්ඩව ; 1300 අධික පිරිසක් අත්අඩංගුවට

රට පුරා පළාත් පාලන ආයතන පෙළපාලි තහනමක් ප්‍රකාශයට පත් කොට සවස් වරුවේ පොදු ප්‍රවාහනය නතර කරන ලෙස නියෝග කර ඇත.


පැරිස්හි තදාසන්න ප්‍රදේශයක් වන නන්ටරේ හි රථවාහන නැවතුමකදී පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි නහෙල් මර්සූක්ට නම් තරුණයෙකු මිය යාමත් සමඟ පැරීසියේ ඇරඹි විරෝධතාවයන් අඛන්ඩව පස්වන දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට විරෝධතාකරුවන් 1,311ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොදු මාර්ගවල ගිනි ගැනීම් 2,560 ක් ද, මෝටර් රථ 1,350 ක් ගිනි තැබීම්ද වාර්තා වී තිබේ. ගොඩනැගිලිවල හානි හෝ ගිනිගැනීම් 234 ක් වාර්තා වී ඇති අතර පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා සහ බැංකු ශාඛා 700 කට වැඩි ප්‍රමාණයක් කෙල්ලකෑමට ලක්ව ඇති අතර මේ වන විට රට පුරා පළාත් පාලන ආයතන පෙළපාලි තහනමක් ප්‍රකාශයට පත් කොට සවස් වරුවේ පොදු ප්‍රවාහනය නතර කරන ලෙස නියෝග කර ඇත.

පවතින තත්වය පිළිබඳව විස්තර කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කර තිබුණේ රට පුරා ආරක්ෂාව වෙනුවෙන් 45000කට අධික පිරිසක් දිවා රාත්‍රී සේවයේ යොදවා ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි