×

G20 සමුළුව අති උත්කර්ෂවත්ව ආරම්භ වීමට සියලු කටයුතු සුදානම්

මෙවර සමුළුවේ සකච්ජාවන ප්‍රධාන මාතෘකාවන් අතර යුක්රේන යුද්ධය, ගෝලීය ආර්ථික හා දේශගුණික අර්බුද ප්‍රධාන වේ.


ලොව බලවත්ම ආර්ථිකයන් 19කට අයත් ලෝක බලවතුන් සමඟ G20 සමුළුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලිහි ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් බව වාර්තා වේ.

මෙවර සමුළුවට චින සහ රුසියානු නායකයින් වන ෂී ජින්පින් සහ ව්ලැඩිමීර් පුටින් පමණක් ඊට සහභාගී නොවනු ඇති අතර චීනය හා ඉන්දියාව අතර දේශ සිමාවන් පිළිබඳව හා ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර වැඩෙන සම්බන්ධතාවන් හේතුවෙන් පවතින නොසන්සුන්තාවයන් හේතුවෙන් චීන ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සම්බන්ධ නොවනු ඇත. රුසියානු ජනාධිපති පුටින් ජාත්‍යන්තර අපරාධ නිතිය යටතේ ඕනෑම මොහොතක රුසියානු දේශ සිමාවෙන් පිටත අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් අවස්ථාවට සම්බන්ධ නොවනු ඇති අතර ඔවුන් වෙනුවෙන් රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ චීනයේ අගමැති ලී චියැන්ග් ඒ වෙනුවට තම රටවල් නියෝජනය කරනු ඇත.

මෙවර සමුළුවේ සකච්ජාවන ප්‍රධාන මාතෘකාවන් අතර යුක්රේන යුද්ධය, ගෝලීය ආර්ථික හා දේශගුණික අර්බුද ප්‍රධාන වේ.

G20 සමුළුව සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ, මෙම රැස්වීම මෝදිට ලෝක වේදිකාවේ බැබළීමට සහ ඉන්දියාවේ භූ දේශපාලනික වපසරිය ශක්තිමත් කිරීමට කදිම අවස්ථාවක් වන බවයි.

2023 වසර ඉන්දියාවට කැපී පෙනෙන වසරක් වන අතර පසුගියදා චන්ද්‍රයන් යානය සාර්ථකව ගොඩ බෑමත් සමඟ සාර්ථකව සඳ තරණය කළ සිව්වන රට බවට ඉන්දියාව පත්විය. එමෙන්ම ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රාජ්‍යය බවට පත් වූ අතර හිටපු යටත් විජිත පාලක බ්‍රිතාන්‍යය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත් විය.

ඉන්දියාව මේවන විට එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ක්වාඩ් ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතරමොස්කව් හිතකාමී කණ්ඩායම් දෙකක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සහ රුසියාව සහ චීනය ඇතුළත් බ්‍රික්ස් කණ්ඩායමේ සමසුන් ගනිමින් ඇත. එවන් තත්වයක් තුළ, මෙවර G20 සමුළුව 2024 වසරේ මොදිට සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කදිම අවස්ථාවක් මෙන්ම ඉන්දියාව ජාතියක් ලෙස ලෝකයේ බැබලීමට කදිම අවස්ථාවක් වනු ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි