×

G7 සමුළුව හිරෝෂිමාවේහි දී අදින් ඇරඹේ

සමුළුවේ සාකච්ඡාවන ප්‍රධාන මාතෘකා අතර යුක්රේනයේ යුද්ධය සහ තායිවානයට එරෙහි චීන ආක්‍රමණ ප්‍රධාන වේ.


G7 රාජ්‍ය නායක සමුළුව මෙවර මැයි මස 18 වන දා සිට ජපානයේ හිරෝෂිමාවේදී ජපන් සත්කාරකත්වය සමඟ ඇරඹේ.

මෙහිදී සමුළුවේ සාකච්ඡාවන ප්‍රධාන මාතෘකා අතර යුක්රේනයේ යුද්ධය සහ තායිවානයට එරෙහි චීන ආක්‍රමණ ප්‍රධාන වේ.

පරමාණු බෝම්බයකින් ඉලක්ක කරගත් පෘථිවියේ ප්‍රථම ස්ථානය වන හිරෝෂිමාවෙහි සමුළුව සංවිධානය කිරීමත් සමඟ ෆුමියෝ කිෂිඩා න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රතිඥාවක් ලබා දීමට කාලය කැප කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුළුවට පෙර ලෝක නායකයන් 1945 අගෝස්තු 6 වන දින උදෑසන එක්සත් ජනපදය න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමෙන් 140,000 ක් මරා දැමීමෙන් පසු දිග හැරුණු ඛේදවාචකයේ පරිමාණය පෙන්වන ප්‍රදර්ශන අඩංගු නගරයේ සාම අනුස්මරණ කෞතුකාගාරයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර මෙය න්‍යෂ්ටික අවිවල අන්තරායන් පිලිබඳව පැහැදිලි චිත්‍රයක් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම සතියේ G7 නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් කිසිම තත්වයක් යටතේ න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බව ප්‍රකාශ කරන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි