×

ලොවක් හඬවන ගාසා දැරිය

ගාසා නගරයේ උපන්, එහිම හැදී වැඩුණු නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන ෂබාන් එල් සූසි ගේ කැමරා ඇසේ මේ දැරිය සටහන් වන්නේ 2021 මැයි මාසයේදී ය.


ඊද් අල් ෆිතර් හෙවත් රාමසාන් උපවාස සමය අතරතුර අනාගතය ගැන කිසිත් නොදැන, රෝස පැහැති බෝනික්කෙකු තුරුල් කරගෙන ඇය බලා සිටියේ නොදන්නා අනාගතයක් දෙස ය. නොපැහැදිලි ඉරණමක් දෙස ය. වයස අවුරුදු දෙකක් වන ඇගේ නම සෙලීන් ය. ඊශ්‍රාහල් ප්‍රහාරවලින් සුන්බුන් ගොඩක් බවට ජීවිතයක් ලෙස ය. එවිට සුන්බුන් ගොඩක් මත සුන්බුන් වූ ජීවිතයකි.

‘‘ඒ රාත්‍රිය පුරාම ගොඩනැගිලි කඩා වැටුණා.. මේ දැරිය සිටින්නේ කඩා වැටුණු කුලුනක සුන්බුන් මැද. ඇගේ නිවස තිබුණේත් ඒ ආසන්නයේමයි. දරුවන්ගේ, මව්වරුන්ගේ විලාප හඬ ගාසා තීරය පුරා රැව්දුන්නා..‘‘  – ෂබාන්

බෝනික්කියක් තුරුළු කරගෙන සිටින මේ දැරිය, ඔහුට අනුව අනාගතයේ බලාපොරොත්තුව පිළිබඳ සංකේතයකි.

දැන්, මේ ඡායාරූප ශිල්පියා මේ ඩිජිටල් ඡායාරූපයෙන් අපූරු වැඩක් කරන්නට යයි. ඔහු එය වෙන්දේසි කරන්නට සැරසෙයි. වෙන්දේසියේදී මේ ඡායාරූපයේ ආරම්භක මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වනු ඇත!

එයින් ගාසා තීරයේ සුන්බුන් වූ ළමා ජීවිත ගොඩනැගීමට ඔහුට අවශ්‍ය ය.

දැන් බොහෝ අය මෙසේ කියති.

‘‘මේ තරම් මිලක් මේකට ලැබෙයි කියල හිතන්න අමාරුයි..‘‘

අරාබි ලෝකයේ තරු කිහිපයක්ම මේ ඡායාරූපය වෙත ආසක්ත වී තිබේ. අරාබි පොප් සුපර්ස්ටා කෙනෙකු වන හයිෆා වෙහ්බේ සහ ඊජිප්තු නිළියක වන යැස්මින් අබ්දුල්ලාසීස් ඒ අතර වෙති. අන්තර්ජාතික පුවත් ඒජන්සි විසින් ද මෙය නැවත නැවතත් උපුටා දක්වා තිබේ.

මෙම ඩිජිටල් ඡායාරූපයක් මිලදී ගත් විට එහි ගැනුම්කරුවාට අනන්‍ය වූ කේතයක් හරහා (NFT format) ඡායාරූපයේ හිමිකම ලැබේ. මේ අතර, ඡායාරූපයේ වත්කමෙන් භාගයක් යුනිසෙෆ් සංවිධානය සහ පලස්තීන දරුවන්ගේ සහන අරමුදල (Palestine Children’s Relief Fund) ට බැර වේ. ඉතිරි අර්ධය ඡායාරූප ශිල්පියා සහ සෙලීන් දැරියගේ පවුලේ අය අතර බෙදී යනු ඇත.

යුනිසෙෆ් සංවිධානය ද ඔහුගේ මෙම උත්සාහය සාදරයෙන් පිළිගනියි. ඔවුන්ගේ අරමුණ, ඡායාරූප ශිල්පියාගේ අරමුණට ද වඩා ඔබ්බට දිව යයි. ඇමරිකානු ඩොලර් මිලියන 50 ක අරමුදල් රැස් කිරීමට ඔවුන්ට උවමනා ය.

කෝවිඩ් වසංගතයෙන් කෝටිපතියන් දුප්පත් නොවුණු බව ලොව පුරා දැකගත හැකි සත්‍යයකි. ලෝකයේ ලොකුම ධනවතා වන ඇමසන් අධිපති ජෙෆ් බෙසොෆ් ඩොලර් මිලියන 100 බැගින් දෙදෙනෙකුට තෑගි කරන්නේ එනිසා ය. නාසා ආයතනයට තවත් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කරන්නේ එනිසා ය. ඒ අනුව ක්‍රිප්ටොකරන්සි අර්බුදය සහ කෝවිඩ් වසංගතය මැද පවා, මෙවැනි ලංසුවක් ගැනීම අසාධාරණ නැත.

පහත දැක්වෙන්නේ සම්පූර්ණ ඡායාරූපයයි.

 

SHABAN EL SOUSI

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි