×

ගාසා වැසියන්ගේ කඳුළු කතාව…

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අවතැන් වූ ගාසා වැසියන් ආහාර , නිවාස , සනීපාරක්ෂාව නොමැතිව අන්ත අසරණ වී ඇති බව ගාසා ජනතාව එරට වාර්තාකරුවන් සමඟ පවසන දුක්බර වේදනාත්මක කතාවන් සාක්ෂි දරයි. අබ්දුල්රහ්මන් අල්-කිලානි AFP පුවත් ඒජන්සියට පැවසූවේ මෙවන් කතාවක්, ” අපට පිටි නැහැ , ආධාර නැහැ , ජලය නැහැ , වැසිකිළි පවා නැහැ අපේ […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවතැන් වූ ගාසා වැසියන් ආහාර , නිවාස , සනීපාරක්ෂාව නොමැතිව අන්ත අසරණ වී ඇති බව ගාසා ජනතාව එරට වාර්තාකරුවන් සමඟ පවසන දුක්බර වේදනාත්මක කතාවන් සාක්ෂි දරයි.

අබ්දුල්රහ්මන් අල්-කිලානි AFP පුවත් ඒජන්සියට පැවසූවේ මෙවන් කතාවක්,

අපට පිටි නැහැ , ආධාර නැහැ , ජලය නැහැ , වැසිකිළි පවා නැහැ අපේ ගෙවල් විනාශ කළා. කවුරුත් අපි ගැන ගණන් ගන්නේ නැහැ. අපි ලෝකේ මිනිස්සුන්ට ආයාචනා කරනවා. සියලුම ජාත්‍යන්තර බලවතුන් අපට විරුද්ධයි. අපට ආධාර අවශ්‍යයි, අපට ඒවා අවශ්‍ය නැතිනම් අපි මෙලෙස ආයාචනා කරන්නේ නැහැ.”

යනුවෙන් ඔහු කියා සිටියේය.

ගාසා තීරයේ මධ්‍යයේ පිහිටි ඩීර් අල්-බාලා බෙදාහැරීමේ ගබඩාවෙන් පිටත ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති තත්වයන් ම් සමර් අල්-අත්තාර් විසින් විස්තර කළේ මෙසේය.

අපට ජලය අවශ්‍යයි, අපට ආහාර අවශ්‍යයි, අපි බඩගින්නේ ඉන්නේ, මෙය සම්පූර්ණයෙන්ම අසාධාරණයි. අපේ දරුවන්ට බඩගින්නෙන් සහ පිපාසයෙන් නිදාගන්න බැහැ. අපි ඔවුන්ට ජලය සහ ආහාර ලබා දිය යුතුයි.”

ඈ තම දරුවන් වෙනුවෙන් හඬා වැටුණාය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ඉල්ලා සිටියේ , ගාසා තීරයේ වහා සටන් විරාමයක් ඇති කර හමාස් විසින් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස‍යි .

නේපාලයේ සංචාරයකදී ඔහු මෙසේ පවසා ඇත ,

“ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් , ගාසා තීරයේ ජනතාවගේ අවශ්‍යතා අනුව තිරසාර මානුෂීය සහනයක් ලබා දීම සිදුවිය යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් සහාය දක්වන විවේචනාත්මකව මානුෂීය විරාමයක් සඳහා, ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම් තීව්‍ර කර තිබීම ගැන මම කණගාටු වෙමි.” යනුවෙනි.

තවද, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් සිදු කරන ලද අති භයානක ප්‍රහාරයන් සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ඔහු නැවතත් ප්‍රකාශ කළ අතර, ප්‍රහාරයෙන් මියගිය නේපාල සිසුන් දස දෙනාගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළේය. තවමත් අතුරුදන්ව සිටින අය ආරක්ෂිතව නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු අවසානයේ පවසා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි