×

සුපිරි දරුවන්ගේ සුපිරි බව සදාකාලිකද? – සුපිරි දරුවෝ- 2 කොටස

සුපිරි හෙවත් සුබග දරුවෝ ළාබාල වියේදී සිය අසාමාන්‍ය හැකියාවන්ගෙන් ලොව මවිත කරවති. නමුත් එය ජීවිත කාලය තුළ පවත්වාගන යාමට ඔවුන් අසමත් බව පෙනේ.


සුපිරි දරුවන් (genius/gifted children) සියලුම දෙනා සුපිරි වැඩිහිටියන් බවට පත්වන්නේ නැත. පහත දැක්වෙන්නේ කිහිපදෙනකු පිළිබඳ විස්තරයන්ය.

පෝල් චාල්ස් මෝර්ෆි (1837-18884)

Getty Images

The American chess player Paul Charles Morphy (1837-1884), illustration from the magazine The Illustrated London News, volume XXXIII, September 18, 1858.

ලොව පළමු සුපිරි චෙස් ශූරයාය. අට හැවිරිදි වියේදී චෙස් ක්‍රීඩාව ඉගෙනගත් ඔහු දහතුන් හැවිරිදි වන විට ඇමරිකාවේ හොඳම චෙස් ක්‍රීඩකයින් අතුරින් එක් අයෙක් බවට පත්වී සිටියේය. නමුත් 1858 දී යුරෝපීය සංචාරයකින් පසු චෙස් ක්‍රීඩාවේ යෙදීම ප්‍රතික්ෂේප කළ ඔහු මිය ගියේ අතේ පැන්සයක්වත් නැති දුගියෙකු ලෙසිනි.

ට්‍රේසි ඕස්ටින් (1962)

Tracy Austin | Tracy Austin | Pinterest

Tracy Austin | Tracy Austin | Pinterest

1977 දී දහහතර හැවිරිදි ට්‍රැසී විම්බල්ඩන් තරගයකට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. එයින් දෙවසරකට පසු ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ඇය දිනාගත්තාය. 1986 දී ඇය ලෝකයේ අංක 1 ක්‍රීඩිකාව ලෙසින් කිරුළු පැළැන්දාය. නමුත් ඇගේ පහර දීමේ විලාසයේ හා ශරීර සෞඛ්‍යයේ ඇති වූ ගැටලු නිසා අවුරුදු 20 දී ක්‍රීඩාවෙන් සමුගැනීමට ඇයට සිදු විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

විලියම් ජේම්ස් සිඩ්ස් (1898-1944)

William James Sidis - 9GAG

William James Sidis – 9GAG

ඇමරිකාවෙන් බිහිවූ ප්‍රකටම සුපිරි දරුවෙකි. අවුරුදු 11 දී ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ එම වාසනාව ලද ළාබාලතමයා වෙමිනි. එහි මහාචාර්යවරුන් පැවසුවේ ඔහු යම් දිනක ලෝකයේ සිටින හොඳම ගණිතඥයා වනු ඇත කියාය. නමුත් ඔහු ස්නායු ආබාධයකට මුහුණ දුන් අතර, ජීවිතය ගැට ගසා ගැනීමට කුඩා ලිපිකාර රැකියා කිරීමට ඔහුට සිදු විය. හතළිස් හැවිරිදි වන විට ඔහු මොළයේ හටගත් ආබාධයක් හේතුවෙන් මිය ගියේය.

 

 

 

 

 

 

බොබී ෆිෂර් (1943)

twitter.com

16-year-old International Grandmaster Bobby Fischer, at the FIDE Candidates’ Tournament, Yugoslavia 1959.| twitter.com

ලෝකයේ ළාබාලතම චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයා බවට පත්වූයේ ඔහුයි. ඒ 15 හැවිරිදි වියේදීය. 1972 දී ඔහු රුසියානු චෙස් ශූර බොරිස් ස්පැස්කි සමග ක්‍රීඩා කිරීමේදී හැසිරුණේ අතිශය කලහකාරී ආකාරයකටය. විචාරකයින් ඔහුව හඳුන්වා දුන්නේ තම හැකියාවන්ගෙන් අසීමිත ලෙස හිස උදුම්වාගත් කෙනෙක් ලෙසටය. නමුත් බොබ්ගේ වාසනාව තිබුණේ 1992 වර්ෂය වෙන තෙක් පමණි. සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔහු තම ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගෙවා දැමීම සඳහා ටෝකියෝ නගරය තෝරාගෙන තිබේ.

දරුවෙකු සුබග හෝ සුපිරියෙකු වීම දෛවයේ හාස්කමකැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් එම සුපිරි බව ජීවිතයේ සදාකාලිකවම පවත්වාගත හැකි නම් එය දෛවයේ නියම හාස්කමකි. කෙසේ නමුත් නූතන විද්‍යාවට ද අභියෝග කරන සුපිරි දරුවන්ගේ අභිරහස අනාගතයේදී විසඳීමට නියමිත එකකි. නමුත් සහස්‍රකයේ බිහිවූ බුද්ධිමත්ම මිනිසා වන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳ මොහොතකට සිතන්න. කුඩා කල පාසල් සමයේදී ගුරුවරුන් ඔහුව ඇමතුවේ ‘මෝඩයා’ ‘තකතීරුවා’ වැනි ඔහුගේ හැසිරීමට උචිත අන්වර්ථ නාමවලිනි.

පෙර ලිපිය

සුපිරි දරුවෝ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි