BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

George Wajackoyah කෙන්යාවේ මැතිවරණ වේදිකාවට මර්ජුවානා හා සර්ප විෂ හඳුන්වා දේ.

ජෝර්ජ් වජකෝයා, නැගෙනහිර අප්‍රිකානු ජාතිය මර්ජුවානා, සර්ප විෂ සහ හයිනාගේ වෘෂණ අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු බවට පත් කරන බවට දුන් පොරොන්දුව මත මේ වන විට කෙන්යාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමේ දේශපාලන සංවිධානයක් බවට පත්ව තිබේ.

කෙන්යාවේ වීදි දරුවකු වශයෙන් සිට එක්සත් රාජධානියේ සොහොන් හාරන්නෙකු වූ ජෝර්ජ් වජකෝයා, විසින් නැගෙනහිර අප්‍රිකානු ජාතිය මර්ජුවානා, සර්ප විෂ සහ හයිනාගේ වෘෂණ අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු බවට පත් කරන බවට දුන් පොරොන්දුව මත මේ වන විට කෙන්යාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමේ දේශපාලන සංවිධානයක් බවට පත්ව තිබේ.

63 හැවිරිදි මහාචාර්යවරයා අගෝස්තු 9 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර අනෙක් අපේක්ෂකයන් හතරදෙනාට සාපේක්ෂව විශාල ජනප්‍රියතාවයක්  ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර විරැකියාව හා ජාතික ණය විසඳීම වැදගත් වේ.

මෙහිදී මර්ජුවානා ගොවිතැන හා නිෂ්පාදනය නියාමනය කිරීමට නව නීති සම්මත කිරීම ඔහුගේ ප්‍රමුඛ පියවරක් නු ඇති බව සැලකේ, එමඟින් කෙන්යාවට ඩොලර් බිලියන 76ක් පමණ වාර්ෂිකව ඉපැයිය හැකි බවත් කෙන්යාව තව දුරටත් ණය ගැතියෙකු නොවන බවත් ඔහු අපේක්ෂා කෙරේ. මෙම යෝජනාව ක්‍රියාවට නංවන්නේ නම්, ගෝලීය මරිජුවානා වෙළඳපොළට පිවිසීමට උත්සාහ කරන ලෙසෝතෝ, දකුණු අප්‍රිකාව, සැම්බියාව සහ සිම්බාබ්වේ ඇතුළු අනෙකුත් අප්‍රිකානු රටවලට කෙන්යාව ද සම්බන්ධ වනු ඇත. 2028 වන විට එමඟින් ඩොලර් බිලියන 70 පමණ ලාභ ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

නමුත් මේ පිළිබඳ විවිධ විවේචන එල්ල වන අතර තරුණයන් මද්‍රව්‍යට යොමු වීම මඟින් විවිධ කල්ලි කණ්ඩායම් හරහා නැවත හැරවිය නොහැකි අගාධයකට කෙන්යාව තල්ලු විය හැකි බව විචාරකයන් අනතුරු අඟවයි.


මීට අමතරව කෙන්යාවේ විශාල සත්ව සංචිතයක් ඇති බැවින් රත්‍රන් වලටත් වඩා මිල අධික සර්ප විෂ ඖෂධීය භාවිතාව සඳහා නිෂ්පාදනය කිරීම තිරසර ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රබල කරුණක් ලෙස ඔහු හඳුන්වා දෙයි. මීට අමතරව චීනයේ ඖෂධ නිෂ්පාදනය සඳහා හයිනාගේ වෘෂණ කෝෂ අපනයනය කිරීමෙන් ලාභ ලැබීම ඔහුගේ මැතිවරණ පොරොදු අතර දක්නට ලැබේ. මේවා දැඩිව විවේචනයට ලක් වෙමින් පවතියි. මේ වෙනුවෙන් කෙන්යාවේ වන ජීවී කණ්ඩායම් හා පශු වෛද්‍යවරුන් දැඩි ලෙස මෙය හෙලා දැක ඇත. ඔවුන් නිවේදනය කර තිබෙන්නේ මෙම මැතිවරණ පොරොන්දු ඉදිරි වසංගතයක් සඳහා වට්ටෝරුවක් විය හැකි බවයි.

මහාචාර්ය වජකෝයාගේ මතභේදාත්මක ප්‍රචාරක පොරොන්දු අතර වැඩ කරන දින ගණන දින හතරක් දක්වා අඩු කිරීම මෙන්ම මරණ දඬුවම හඳුන්වා දීමද කතා බහට ලක්ව ඇත. මේ වන විට කෙකෙවේ ණය වලින් 21% චීනය සතු වේ. චින සමාගම් වලට ලබා දී ඇති සියලූම ණය සමාලෝචනය කරන බවද මොහුගේ මැතිවරණ පොරොන්දු අතර වේ.කෙසේ නමුත් මේ වන විට ඔහුගේ මැතිවරණ පොරොන්දු විරැකියාවෙන් පීඩා විඳින තරුණ තරුණියන් ආකර්ෂණය කරගෙන ඇත.


විවේචකයින් විසින් මහාචාර්ය වජකෝයාගේ දේශපාලන ව්‍යාපාරය ජනප්‍රියවාදී ව්‍යාපාරයක් ලෙස හෙලා දැක ඇති මුත් ජනාධිපති ධුරයට තරඟ කිරීම සඳහා ජීවිතයේ අතිවිශාල බාධක ජය ගැනීම ගැන මහාචාර්ය වජකෝයාගේ ආධාරකරුවන් ඔහුව අගය කරති.

බටහිර කෙන්යාවේ ග්‍රාමීය ප්‍රදේශයක හැදී වැඩුණ ඔහු දෙමාපියන්ගෙන් වෙන්වීමෙන් නයිරෝබි අගනුවර වීදි වල ජීවත් විය. ඔහුව රැකබලා ගනු ලැබුවේ නිවාස නොමැති මිනිසුන්ට ආහාර සපයන හරේ ක්‍රිෂ්ණා කෝවිලේ වන්දනාකරුවන් විසිනි. පන්සලේ ජීවත් වූ ඔහු ක්‍රිෂ්ණා පූජකයෙකු විය.

පසුව දිවිතික අධ්‍යාපනය නිම කළ පසු ඔහු කෙන්යාවේ බුද්ධි අංශයට බැඳී ඇත. ඉන් අනතුරුව ඔහුගේ විස්තර තරමක් අපැහැදිලිය. කෙසේ නමුත් ඔහු කෙන්යාවෙන් පැනගොස් ඇති අතර එක්සත් රාජධානියට ගොස් එහි සුළු රැකියාවක් කරමින් ලන්ඩනයේ සෝස් විශ්ව විද්‍යාලය, වෝර්වික් විශ්ව විද්‍යාලය සහ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත් බව ඔහු ප්‍රකාශ කර තිබේ. වොල්වර්හැම්ප්ටන් හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු ජීවත්වීම සඳහා ආරක්ෂක නිලධාරියෙකු, සොහොන් හාරන්නෙකු සහ මළ සිරුරු සෝදන්නෙකු ලෙසද සේවය කර ඇත.

ඔහු නීතිය සම්බන්ධයෙන් තුන්වන පන්තියේ ගෞරව උපාධියක් ලබා ගෙන ඇති අතර ඔහු සතුව උපාධි 17ක් පමණ ඇති බව ප්‍රකාශ වේ. එය පිළිගැනීම වියවුල් සහගතය. හේ කෙසේ නමුත් කෙන්යාවේ මැතිවරණය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය ලබා ගැනීමට මහාචාර්ය වජකෝයා මේ වන විට සමත්ව තිබේ.

සශිකලා මධුෂාණී_


හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

error: Content is protected !!
error: Content is protected !!