×

Breaking News: රුසියාව යුක්රේනයේ කලාප දෙකක් අල්ලයි – බටහිර රටවලින් දැඩි පීඩනයක්

රුසියාව අද දිනයේ යුක්රේනයේ කලාප දෙකක්, රුසියාවට අයත් කලාප ලෙස නම් කළ අතර, මෙය රුසියානු පාර්ලිමේන්තුව විසින් ද පිළිගනු ලැබිණි.


මේ සමගම රුසියාව සහ පුටින් වෙත බටහිර රටවල ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් තිබේ.

මේ අනුව ජර්මනිය, අලුත් ගෑස් නළයක් විවෘත කිරීම අවහිර කර දැමුවේය. ජර්මනිය, රුසියාවේ විශාලතම ස්වභාවික වායු පාරිභෝගිකයා ය. නෝර්ඩ් ස්ට්‍රීම් 2 නමැති මෙම ස්වභාවික වායු නළය ගොඩනංවා තිබුණත්, එය විවෘත නොකිරීමට ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් ගත් තීරණය, යුරෝපාකරය දෙසින් පුටින් වෙත මෙතෙක් එල්ල වූ විශාලතම පීඩනය ලෙස සැලකෙයි. නමුත් කටාර් හි පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගි වෙමින් පුටින් ලිඛිතව දන්වා ඇත්තේ, රුසියාව ලෝක වෙළඳපොළට බාධාවකින් තොරව ස්වභාවික වායුව සැපයීමට සියලු කටයුතු සම්පාදනය කරන බවයි.

බ්‍රිතාන්‍යය රුසියානු බැංකුවලට දැඩි සම්බාධක පැනවීය. රුසියානු කෝටිපතියන් සහ ඔවුන්ගේ බැංකු 5 කට බ්‍රිතාන්‍යය මෙම සම්බාධක පනවා තිබේ.

මේ අතර රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, අතිශය කැරළිකාර ස්වභාවයකින් යුතු කතාවක් ජාතිය අමතා සිදු කළේ ඊයේ දිනයේ ය. රුසියාවේ සහාය ලබන සටන්කරුවන් විසින් 2014 වසරේදී අත්පත් කර ගත් යුක්රේනයේ කලාප, රුසියාවට අයත් බවට ඔහු අරුම පුදුම නිවේදනයක් කළේ ඒ කතාවේදී ය. එම කලාපවල නිදහස, රුසියාව විසින් පිළිගන්නා බව ඔහු එහිදී පැවසුවේය.

එයට පසුදින, එනම් අද දිනයේ යුක්රේනයේ නැගෙනහිර කලාපය වෙත රුසියානු හමුදා ඇතුල් විය. සති ගණනක් තිස්සේ විශාල බලමුළු ස්ථානගත කරමින් දැඩි තර්ජනයක් මවා පෑ පුටින්, මේ රඟ දැක්වූයේ කෙටි පූර්ව ප්‍රචාරක පටයක් පමණක් බව විචාරකයන්ගේ මතයයි.

මේ සියලු අර්බුද හමුවේ ගෝලීය වෙළඳපොළේ ඛණිජ තෙල් මිල ඉහළ ගියේය. අද දිනයේ වාර්තා වූයේ වසර 7 කට පසු වැඩිම තෙල් මිලයි.

මේ වන විට යුක්රේනයේ ඩොනෙස්ක් අගනුවර, කිසිදු රටකට අයත් බව නොහැඟවෙන යුද්ධ ටැංකි දක්නට ලැබේ.

යුරෝපියානු චැම්පියන් ලීග පාපන්දු තරගාවලිය මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබුණේ රුසියාවේදී ය. අද දිනයේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ, දැනට පවතින තත්වය තුළ තරගාවලිය කල් දැමීම ගැන සලකා බලමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි