×

2023 දී ගෝලීය උෂ්ණත්වය ඇඟ හිරිවට්ටන මට්ටමට ඉහළ යයි ද?

2023 දී ගෝලීය උෂ්ණත්වය 2022 ට වඩා වැඩි අගයක්


ලබන වසරේ වාර්තාගත අන්දමින් උෂ්ණත්වය ඉහළ යෑමක් ඇතිවීමේ ඉඩකට පවතින බවත් ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 ක් පමණවනු ඇතැයි යන්නත් එක්සත් රාජධානියේ කාලගුණ වාර්තා කාර්යාලය මඟින් අනාවැකි පළ කර ඇත.

එම අනාවැකිය නිවැරදි නම්, එය පිට පිටම සිඳුවන 10 වැනි වසර මෙය ලෙස දැක්විය හැක. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850-1900 කාලපරිච්ඡේදයේසටහන් ව තිබූ මට්ටමට වඩා අවම වශයෙන් 1C ට වඩා වැඩි වීමක් සිඳු වීමට ද ඉඩකඩ පවතී.

1850 දක්වා දිවෙන වාර්තා වලට අනුව ගෝලීය උෂ්ණත්වයෙන් බැට කෑ උණුසුම්ම වසර 2016 විය.

2023 වාර්තාගත උෂ්ණත්වමය වසරක් නොවිය හැකි නමුත් ගෝලීය හරිතාගාර වායු විමෝචනයේ පසුබිම ඉහළ යෑම මඟින් ලබන වසර තවත් කැපී පෙනෙන උෂ්ණාධික වසරක් වනු ඇතැයි මෙට් ඔෆිස් හි කාලගුණ වාර්තා පිළිබඳ ප්‍රධානී මහාචාර්ය ඇඩම් ස්කායිෆ් ප්‍රකාශ කර ඇත.

නිවර්තන පැසිෆික් සාගරයේ සාමාන්‍ය පරිදි මුහුදු මතුපිට උෂ්ණත්වයට වඩා සිසිල් වන දිගු ලා නිනා වල බලපෑම පසුගිය වසර තුන පුරා ගෝලීය උෂ්ණත්වයකෙරෙහි බලපා ඇත.

19 වන සියවසේ දෙවන භාගයේ පැවති උෂ්ණත්වයට වඩා 1.08C සහ 1.32C අතර ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මේ අනුව 2023 දී ගෝලීය උෂ්ණත්වය 2022 ට වඩා වැඩි අගයක් සටහන් කිරීමට තුඩු දෙනු ඇතැයි වාර්තා වේ.

නිපුනි ලියනගේ




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි