×

ගෝලීයකරණය මිය ගිහින්ද?

මෙවර ලෝක ආර්ථික සංසදය විසින් ව්‍යාපාර සහ ආයෝජන දේශසීමා හරහා නිදහසේ ගමන් කරනුයේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කරනු ඇත.


දේශපාලනයේ සහ ව්‍යාපාරවල ප්‍රධාන නායකයින්ගේ දායකත්වයෙන් පවත්වන ලද වාර්ෂික රැස්වීම්වලින් එකක් වන ලෝක ආර්ථික සංසදය මෙවර ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත් වේ. මෙවර එහි ප්‍රධානතම ගැටලුව ලෙස හඳුන්වා දී ඇත්තේ ගෝලීයකරණය මිය ගිහින්ද? යන්නයි.

එනම් විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් තුළ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාපෘතිහි ක්‍රියාත්මක වීමයි. ඒ වෙනුවෙන් පවතින ගැටලුයි.

දශක ගනනාවක් තිස්සේ පුලුල් ලෙස විහිදී පැවැති ලෝක වෙළඳම හා ගෝලීය සබඳතාවයන් මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇත.

COVID-19 වසංගතයේ සිට එක්සත් ජනපද-චීන ​​එදිරිවාදිකම්, යුක්රේන යුද්ධය හේතුවෙන් තිරිඟු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇත. එමෙන්ම නව ව්‍යාපාරයන් හා සමාගම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී වැඩි වැඩියෙන් භූ දේශපාලනික සහ ජාතික ආරක්ෂක සාධක සලකා බැලීමට සිදුව ඇත. ඒ අනුව මෙවර ලෝක ආර්ථික සංසදය විසින් ව්‍යාපාර සහ ආයෝජන දේශසීමා හරහා නිදහසේ ගමන් කරනුයේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කරනු ඇත.

මෙවර සමුළුව වෙනුවෙන් 2017 සහ 2018 දී සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි වැනි ගෝලීය දකුණේ ප්‍රධාන නායකයින් ද නොපැමිණීම කැපී පෙනෙන කරුණක් ලෙස විශ්ලේෂකයන් දක්වයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි