×

අධික සුළං හේතුවෙන් ග්‍රීසියේ ලැව්ගිනි අවදානම තවදුරටත්

ග්‍රීසියේ ඇතිවූ ලැව්ගිනි වලින් 60කට වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරීත්වය, නොසැලකිලිමත්කම හා සාපරාධී චේතනාවන් හේතුවෙන් ඇති වී තිබේ.


සති දෙකකට වැඩි කාලයක් පුරා ග්‍රීසියේ පැතිරීගිය ලැව්ගිනි 667ක ප්‍රමාණය මේ වන විට පාලනය කර ඇති මුත් පවතින අධික සුළං තත්වයන් හේතුවෙන් නැවත ලැව්ගිනි අවදානමක් රටතුළ පවතින බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

රෝඩ්ස්, කෝර්ෆු සහ මධ්‍යම ග්‍රීසියේ විශාලතම ලැව්ගිනි ඇවිලුණ අතර මේ වන විට එම ස්ථාන තුන අසල හදිසි අවස්ථාවක් වෙතොත් ක්‍රියාත්මක වීම සඳහා ගිනි නිවන බටයන් 460ක්ට අධික පිරිසක් යොදවා ඇති බව ග්‍රීසියේ ගිනි නිවන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඇතන්ස් නිරීක්ෂණාගාරයේ ඇස්තමේන්තුවලට අනුව, ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය අතර වනාන්තර හා වෘක්ෂලතා හෙක්ටයාර 50,000 (අක්කර 123,500) කට ආසන්න ප්‍රමාණයක් දැවී ගොස් ඇත.

ඊයේ(28)දිනයේදී ග්‍රීසියේ ජ්‍යෙෂ්ඨ දේශගුණික අර්බුද පිළිබඳ නිලධාරියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ග්‍රීසියේ ඇතිවූ ලැව්ගිනි වලින් 60කට වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරීත්වය, නොසැලකිලිමත්කම හා සාපරාධී චේතනාවන් හේතුවෙන් ඇති වූ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි