×

දෙවන වතාවටත්, මුළු ග්‍රීසියම නිල් පාටයි

කිරියාකොස් මිට්සෝටකිස් පසුගිය මැයි මාසයේදී සිරිසාව පරාජය කළ නමුත් බහුතරයක් දිනාගැනීම සඳහා නව මැතිවරනයක් කැඳවීය. 500ක් පමණ මිය ගිය බවට සැලකෙන ග්‍රීසියට ඔබ්බෙන් වූ සංක්‍රමණික බෝට්ටු ඛේදවාචකයකින් දින 11කට පසුව ඡන්දය ප්‍රකාශ විය.


පසුගිය ඉදරිදා(25) දින පැවැති මහජන ඡන්දයෙන් අනතුරුව ග්‍රීක කොන්සර්වේටිව් නායක කිරියාකොස් මිට්සෝටකිස් මසක් තුළ පැවැති දෙවන මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය-වාම ප්‍රතිවාදියා පරාජය කරමින් 40.5%ක විශාල ජනවරමක් ලබා ගනිමින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් තේරී පත්ව තිබේ.


ඔවුගේ වාම ප්‍රතිවාදී සිරිසා පක්ෂයේ නායක ඇලෙක්සිස් සිප්‍රාස් දිනාගෙන තිබුණේ මැතිවරණ දිස්ත්‍රික්ක 60කින් 23%ක ප්‍රමාණයකි.

කිරියාකොස් මිට්සෝටකිස් පසුගිය මැයි මාසයේදී සිරිසාව පරාජය කළ නමුත් බහුතරයක් දිනාගැනීම සඳහා නව මැතිවරනයක් කැඳවීය. 500ක් පමණ මිය ගිය බවට සැලකෙන ග්‍රීසියට ඔබ්බෙන් වූ සංක්‍රමණික බෝට්ටු ඛේදවාචකයකින් දින 11කට පසුව ඡන්දය ප්‍රකාශ විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ දරුණු ණය අර්බුදයකින් සහ ජාත්‍යන්තර ඇපදීම් තුනකින් පසු ග්‍රීක ආර්ථිකය ස්ථාවරත්වයට සහ වර්ධනයට සාර්ථකව ආපසු ගෙන ඒමේ ගෞරවය කිරියාකොස් මිට්සෝටකිස්ට හිමිවන අතර ග්‍රීක ජාතිකයන්ගේ ජීවන වියදම් අර්බුදය වෙනුවෙන් බදු සහන ලබා දීම හා වඩා හොඳ මහජන සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් ග්‍රීසියේ ඇති කිරීම ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර විය.

මීට අමතරව පුද්ගලික අංශයේ රැකියාවලින් සියයට 90ක් සපයන කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියා නියුක්තිකයන්ට ඔහුගේ රජයේ සහයෝගය ලැබෙන අතර රාජ්‍ය ආයෝජන සියයට 70කින් ඉහළ නැංවීමටත්, වාර්තාගත විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 දක්වා ඉහළ නැංවීමටත්, සාමාන්‍ය වැටුප් සියයට 30කින් ඉහළ නැංවීමටත් ය. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 3 ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ඔහුගේ රජය උත්සහ දරන බව කියැවේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි