×

නවවන කාන්තා ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඕක්ලන්ඩ්හි වෙඩි තැබීමක් හේතුවෙන් දෙදෙනෙකු මරුට

ගිනි අවි සම්බන්ධ නීති නවසීලන්තයේ දැඩි බැවින් මෙය දුර්ලභ සිදුවීමක් වන අතර රජය විසින් සියලුම හමුදා මාදිලියේ අර්ධ ස්වයංක්‍රීය සහ අනෙකුත් මාරාන්තික තුවක්කු තහනම් කර ඇත.


නවවැනි කාන්තා ලෝක කුසලානය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර අද(20) උදෑසන ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබුණේ, තුවක්කුකරුද අදාල ස්ථානයේම මියගොස් ඇති බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානමක් නොමැති බවත්, ලෝක කුසලානය සැලසුම් කළ පරිදි සිදුවන බවත්ය.

තුවක්කුකරු නිවාස රැඳවුම් නියෝගයකට යටත්ව ඊඩ්න් පාර්ක්හි සේවය කරමින් සිටි අයෙකු බව නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් පවසා තිබේ.

මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවන් ඊඩ්න් පාර්ක්හි යොදවා ඇති අතර, ගිනි අවි සම්බන්ධ නීති නවසීලන්තයේ දැඩි බැවින් මෙය දුර්ලභ සිදුවීමක් වන අතර රජය විසින් සියලුම හමුදා මාදිලියේ අර්ධ ස්වයංක්‍රීය සහ අනෙකුත් මාරාන්තික තුවක්කු තහනම් කර ඇත.

කාන්තා ලෝක කුසලාන වෙනුවෙන් මෙවර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව සත්කාරකත්වය දක්වන අතර මෙම උත්සවය සඳහා දහස් ගණනක් ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ සංචාරකයින් ඊඩ්න් පාර්ක් වෙත පැමිණ තිබේ.

අද(20) පැවැත්වෙන ආරම්භක තරග දෙකේදී නෝර්වේ නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ්හිදී තරග වදින අතර ඔස්ට්‍රේලියාව අයර්ලන්තය සමඟ සිඩ්නිහිදී තරග කරනු ලබයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි