×

කොරෝනා ප්‍රහාර මැද බැට කන ලෝක සෞඛ්‍ය සංවිධානයට සයිබර් ප්‍රහාරත්

කැස්පර්ස්කි හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ අංශ ප්‍රධානී කොස්ටින් රයූ ට අනුව කොරොනා වෛරසය සම්බන්ධ තේමාවෙන් යුත් වෙබ් අඩවි දහස් ගණනක් දිනපතා පිහිටුවා ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇති අතර ඒවායින් බොහොමයක් නීතිමය නොවන තත්ත්වයන් මත පවතින ඒවාය.


 

කොරෝනා වෛරසය ගෝලී්‍ය ලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය කාර්ය භාරය හා මැදිහත්වීම මන්දගාමී කිරීමේ අරමුණින් එහි තොරතුරු පද්ධතියට සයිබර් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරකෂක නිළධාරී ෆ්ලෙවියෝ අග්ජියෝ රොයිටර් සේව අමතමින් පවසා සිටියේ මේ වන විට 16000කට අධික පිරිසකට මරණය ගෙන ඒමට සමත් වී ඇති කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට තම සංවිධානය උත්සහා ගනිමින් සිටින විට සිය තොරතුරු පද්ධතියට සයිබර් ප්‍රහාරකයින් ඇතුල් වන්නට උත්සහා ගෙන ඇති බවයි.

ප්‍රථම සයිබර් ප්‍රහාරය මෙම මස මුලදී සිදුව ඇති අතර ඔවුන් කවුරුන්දැයි හදුනා ගැනීමට තවමත් නොහැකි බව අග්ජියෝ පවසයි. මේ සම්බන්ධව රොයිටර් පුවත් සේවය වෙත මුල්ම වරට අනාවරණය කර ඇත්තේ සයිබර් ආරක්ෂණ ිශේෂඥයෙකු වන නිවුයෝර්ක් බ්ලැක්ස්ටෝන් නීති සමූහයේ නීතිඥ ඇලෙක්සැන්ඩර් උර්බෙලිස් විසිනි.
උර්බෙලීස් පවසන පරිදි මෙම මස 13 වන දින හැකර් කණ්ඩායමක් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අභ්‍යන්තර විද්‍යුත් තැපැල් පද්ධතිය අනුකරණ කරමින් සිටින බවයි.

“මෙය වසංගතයක් මධ්‍යයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල වූ සජීවී ප්‍රහාරයක් බව මට වැටහී ගියේය,” ඔහු පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව රොයිටර් පුවත් සේවයෙන් විමසූ විට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇග්ජියෝ විසින් තහවුරු කරන ලද්දේ උර්බෙලිස් විසින් සොයාගත් වෙබ් අඩවිය බහු නියෝජිත ආයතනවල මුරපද සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස භාවිතා කර ඇති බවයි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්ක කිරීමෙහි සයිබර් ක්‍රියාකාරකම් විශාල වැඩිවීමක් සිදුවී තිබේ” යැයි ඇග්ජියෝ පැවසීය. ඔහුට අනුව මේ වන විට පුද්ගලයන් සයිබර් ක්‍රියාකාරකම් කෙරේ ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ලෝ සෞඛ්‍ය සංවිධානයේ නම් භාවිත කිරීම දෙගුණයකින් වැඩි වී ඇත.

මහජනයාගෙන් මුදල් සහ සංවේදී තොරතුරු සොරකම් කිරීමේ නියෝජිත ආයතනලෙසද හැකර්වරු පෙනී සිටින බවට අනතුරු අඟවයි.

මේ අතර එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ සහ වෙනත් රාජ්‍ය්‍යන් හා ආයතන වල රජයේ නිලධාරීන් කොරොන වයිරස් වසංගතය හේතුවෙන් දුරස්ථව වැඩ කිරීමට සහ ඉගෙනීමට යොමු වී ඇති බැවින් අසයිබර් ආරක්ෂණ අනතුරු සහ අන්තරායන් පිළිබද ඇඟවීම් නිකුත් කර තිබේ.

කිරීටක වෛරසය පැතිරීම පිළිබඳ ජාත්‍යන්තර අවධානයෙන් ප්‍රයෝජන ගැනීමට සියලු  හැකර්වරුන් උත්සාහ කරන බවට නිලධාරීන් සහ සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

“මෙවැනි අවස්ථාවලදී, කොරොනා වෛරසයට අදාළ සුව කිරීම් හෝ පරීක්ෂණ හෝ එන්නත් පිළිබඳ තොරතුරු මිල කළ නොහැකි අතර බලපෑමට ලක්වූ රටක ඕනෑම බුද්ධි අංශයක ප්‍රමුඛතාවය එයයි” කැස්පර්ස්කි හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ අංශ ප්‍රධානී කොස්ටින් රයූ පවසයි. කොරොනා වෛරසය සම්බන්ධ තේමාවෙන් යුත් වෙබ් අඩවි දහස් ගණනක් දිනපතා පිහිටුවා ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇති අතර ඒවායින් බොහොමයක් නීතිමය නොවන තත්ත්වයන් මත පවතින ඒවාය.


“එය තවමත් දිනකට 2,000 ක් පමණ  ,මම මේ වගේ දෙයක් මින් පෙර නම්  දැක නැහැ.”,” ඔහු පැවසීය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි