×

සිය තනතුරෙන් අස්වීමට හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එකඟ වෙයි!

සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිය තනතුරෙන් අස්වීමට හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.

මෑතකදී කෙන්යාවේ සංචාරයක යෙදුණු ඔහුට ආපසු පැමිණීමට නොහැකිව පුවර්ටෝ රිකෝ හි රැඳී සිටින බව විදෙස් මාධය වාර්තා කරන අතර ,හෙන්රි මේ වනවිට පුවර්ටෝ රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කරන බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි