×

ඊශ්‍රායලය සුනුවිසුනු කර දමනවා, හමාස් නායක සින්වාර් දිව්රා කියයි!

පලස්තීනු හමාස් සංවිධාන නායක හහ්යා සින්වාර් ඊශ්‍රායල හමුදා අංශ තවදුරටත් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, ඊශ්‍රායල නගර සියල්ලක්ම මිසයිල ප්‍රහාර වලින් සුනුවිසුනු කර දමන බවට දිව්රා පවසයි.


පලස්තීනු හමාස් සංවිධාන නායක හහ්යා සින්වාර් ඊශ්‍රායල හමුදා අංශ තවදුරටත් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, ඊශ්‍රායල නගර සියල්ලක්ම මිසයිල ප්‍රහාර වලින් සුනුවිසුනු කර දමන බවට දිව්රා පවසයි.

“ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගියහොත් අපි එය බිඳ දමනවා, අප මේ පවසන දෑ ඉතා හොඳ අවබෝධයකින් පවසන්නේ. ඊශ්‍රායලය නැවතත් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, එකවරම මිසයිල සිය ගණනක් ඊශ්‍රායල නගර වෙතට පතිත කරනවා. මෙමඟින් යුද්ධයකට මුල පිරුවොත්, අප එම පාලක හමුදාවේ (occupation army) බලය සදහටම තුරන් කර දමනවා. අප මේ කරන්නේ විහිළුවක් නොවෙයි,” පසුගිය ඉඩ් අල්-අදා උත්සවය සැමරීමට සමගාමීව සින්වාර් සිදුකළ කතාවකදී ප්‍රකාශ කළේය.

සින්වාර් ඔහුගේ කතාව තුළ අගෝස්තු 01 වන දින කිස්සුෆිම් ප්‍රදේශයේදී දකුණුදිග ඊශ්‍රායලයට පැමිණීමට තැත්කොට ඊශ්‍රායල හමුදා නිලධාරීන් හට තුවාල සිදුකළ හමාස් බලකා සාමාජිකයකු වන හනි අබු සලාහ් සිහිපත් කරමින් ඔහු වීරයකු බව සඳහන් කළේය.

පසුගිය වසරක කාලය තුළ ගාසා තීරය තුළ බිහිසුණු ත්‍රස්ත ක්‍රියා 10ක් පමණ සිදුවූ අතර, මිසයිල ප්‍රහාර 700 කට අධික ප්‍රමාණයක් එල්ල වන ලදී. එමඟින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වන ලදී.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව, ගාසා තීරය තුළ යලි ආගමනය (March of Return) නම් මානව ව්‍යාපාරය ආරම්භ වූ දා පටන් මේ වන තුරු පලස්තීනුවන් 300 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව 22,000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි