×

හයාඕ මියසකිගේ The Boy and the Heron බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි

The Boy and the Heron චිත්‍රපට ප්‍රදර්ශනය පසුගිය මාර්තු මාසයේ දී ජපානයේ ප්‍රදර්ශනය ආරම්භ වූ අතර එතැන් සිට එය සිය මව් රටෙහි ¥bn 8.2bn ($56.2m) ඉක්මවීය.


ඔස්කාර් සම්මානලාභී ජපන් සජීවිකරණ චිත්‍රපට නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකු වන හයාඕ මියසකිගේ නවතම සජීවිකරණ චිත්‍රපටය වන The Boy and the Heron උතුරු ඇමරිකානු නිකුතුවේදී බොක්ස් ඔෆිස් හි අංක එකේ ස්ථානය ලබාගෙන ඇති බව වාර්තා වේ.

මියසකි ජපන් සජීවිකරණ ශිල්පියෙකු , චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ මංගා කලාකරුවෙකු . ස්ටුඩියෝ ගිබ්ලි හි සම-නිර්මාතෘවරයෙකු මෙන්ම ජපන් සජීවිකරණ චිත්‍රපටවල ප්‍රවීණ කථාකරුවෙකු සහ නිර්මාතෘවරයෙකු ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇති අතර සජීවිකරණ ඉතිහාසයේ වඩාත්ම දක්ෂ චිත්‍රපට නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකු ලෙස සැලකේ,

The Boy and the Heron යනු තම මවගේ මරණයෙන් පසු අද්භූත මනඃකල්පිත ක්ෂේත්‍රයක අවසන් වන කරදරකාරී දරුවෙකුගේ කතාවක් වන අතර, Miyazaki ගේ අවසන් චිත්‍රපටය වන The Wind Rises අනුගමනය කරයි. The Boy and the Heron චිත්‍රපට ප්‍රදර්ශනය පසුගිය මාර්තු මාසයේ දී ජපානයේ ප්‍රදර්ශනය ආරම්භ වූ අතර එතැන් සිට එය සිය මව් රටෙහි ¥bn 8.2bn ($56.2m) ඉක්මවීය.

Miyazaki ගේ ඔස්කාර් සම්මානලාභී සජීවිකරණ චිත්‍රපටය 2002 දී එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 10ක් ලබා ගත් නමුත්, අධ්‍යක්ෂකගේ සියලුම චිත්‍රපට මෙන්, Spired Away එක්සත් ජනපදයෙන් පිටත වඩාත් ජනප්‍රිය වූ අතර, මුළු ගෝලීය බොක්ස් ඔෆිස් ඩොලර් මිලියන 383.9ක් ඉපැයීමට සමත් විය.

The Boy and the Heron එහි ආරම්භක සති අන්තයේදී එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 12.8ක් ලබා ගනිමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ අතර Hayao Miyazaki සහ Studio Ghibli ඔවුන්ගේ අවසන් විශිෂ්ටතම නිර්මාණය කරා ළඟා වූ බවයි විචාරකයන් පවසන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි