×

එක්සත් රාජධානියට ශීත කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

මහජන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය Agostinho Sousa පවසා තිබුණේ වැඩිහිටි පුද්ගලයන්, හෘද හෝ පෙනහළු ආබාධ ඇති පුද්ගලයින් මෙමඟින් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බවයි.


එළැඹෙන ඉරිදා(05) දින සවස 6 සිට අඟහරුවාදා(07) සවස 6 වන තෙක් එක්සත් රාජධානියට ශීත කාළගුණ හදිසි තත්වයක් ඇති විය හැකි බවට එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

මෙහි බලපෑම එංගලන්තවේ සියලුම ප්‍රදේශවලට බලපැවැත්වෙන අතර, බටහිර මිඩ්ලන්ඩ්ස් සහ වේල්ස් දේශසීමා කෙරෙහි මෙය දැඩිව බලපානු ඇති බව වාර්තා වේ. සීතල තත්වයන් තුළ වඩාත් අවදානමට ලක්විය හැකි අය ගැන සොයා බලන ලෙස සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් ජනතාවට උපදෙස් ලබා දී ඇත.

මහජන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය Agostinho Sousa පවසා තිබුණේ වැඩිහිටි පුද්ගලයන්, හෘද හෝ පෙනහළු ආබාධ ඇති පුද්ගලයින් මෙමඟින් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි