×

LGBTIQ ප්‍රජාවේ ආරම්භක ක්‍රියාකාරිනියක වූ හෙන්රියෙටා රොබින්සන් මෙලොවින් සමුගනී

මිය යන විට ඈ 79 වන වියේ පසුවිය.


මොලොව LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරයේ පුරෝගාමී ක්‍රියාකාරිණියක වූ හෙන්රියෙටා රොබින්සන් මහත්මිය අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වේ.

ඒ පසුගිය සිකුරාදා (03) දිනයේ ය.

හෙන්රියෙටා රොබින්සන් මහත්මිය ලොව LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරයේ ආරම්භක ක්‍රියාකාරිණියක වූ අතර, ෆ්ලොරිඩාවේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවක් පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ක්‍රියාකාරීන් අතර කැපීපෙනුණු චරිතයකි.

ග්‍රෑන්ඩ් ලේඩි සහ මදර් ඔෆ් සවුත් බීච් යන් විරුදාවලිය ලබා සිටි ඈ, අතීතයේ LGBTIQ ප්‍රජාවට බොහෝ අසීරු කාලවකවානු තුළ පවා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිණියකි.

ඇමරිකාවේ ඩ්‍රැග් විලාසිතාකරුවන් (drag queens) සහ නිශාචර ජීවිත ගතකළ LGBTIQ ප්‍රජාවන්ට සිදුවූ කෙනහිලිකම්, වෙනස්කොට හා කොන්කොට සැලකීම් වලට එරෙහි හඬක් නැඟි රොබින්සන් මහත්මිය 2011 වර්ෂයේදී හිටපු නගරාධිපති මැටි හෙරේරා බොවර් විසින් විශේෂ ගෞරවනාමයකින් ද පිදුම් ලැබුවාය.

ඒ මයැමි බීච් නගරය තුළ ඈ විසින් සිදුකළ අධිවාචන ක්‍රියාදාමයන් වලට කෘතගුණ සැලකීමක් වශයෙනි.

හර්නියා තත්වයක් මත මවුන්ට් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රොබින්සන් මහත්මිය මිය යන විට ඈ 79 වන වියේ පසුවිය.

ඒ කොවිඩ්-19 ආසාදනයට ලක්වීමෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි