×

දකුනු කොරියාවේ සුනඛයින්ට නිදහස ?

සටහන – රෂිකා හෙන්නායක ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුනඛ මාංශ අනුභව කිරීම දකුණු කොරියාවේ පුරාණ චාරිත්‍රයක් ලෙස පැවති අතර, එම චාරිත්‍රය තහනම් කිරීමට අපේක්ෂා කරන බව එරට පාලන පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. දකුණු කොරියාවේ මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී Yu Eui-dong විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඒ අනුව සුනඛ මාංශ අනුභවය […]


සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුනඛ මාංශ අනුභව කිරීම දකුණු කොරියාවේ පුරාණ චාරිත්‍රයක් ලෙස පැවති අතර, එම චාරිත්‍රය තහනම් කිරීමට අපේක්ෂා කරන බව එරට පාලන පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

දකුණු කොරියාවේ මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී Yu Eui-dong විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඒ අනුව සුනඛ මාංශ අනුභවය සම්බන්ධයෙන් ඇතිව ඇති සමාජ ගැටුම් සහ මතභේදයන් අවසන් කිරීම සඳහා විශේෂ පනතක් සම්මත කිරීමට කාලය පැමිණි ඇති බවයි. ඔහු ඒ බව පවසා ඇත්තේ, රජයේ නිලධාරීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

Yu Eui-dong

මෙහිදී මෙම තහනම බලාත්මක කිරීම සඳහා රජය සහ පාලක පක්ෂය මේ වසරේ පනතක් ඉදිරිපත් කරන බවද පැවසූ අතර, එහිදී ද්විපාර්ශ්වික සහාය ඇතිව, පනත පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත යුතු බව ද ඔහු පැවසූ බවයි වාර්තා වන්නේ.

රජය ඉක්මනින් තහනමක් ක්‍රියාත්මක කරන බවත් එහිදී සුනඛ මාංශ කර්මාන්තයේ යෙදී සිටින පිරිසට ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත්, එම සාක්ච්ඡාව අතරතුරදී කෘෂිකර්ම අමාත්‍ය Chung Hwang-keun පවසා ඇත.

Chung Hwang-keun

දකුණු කොරියානු ජනාධිපති ආර්යාව Kim Keon Hee සුනඛ මාංශ පරිභෝජනය දැඩි ලෙස විවේචනය කරන්නියක් වන අතර, ඇයගේ සැමියා වන ජනාධිපති Yoon Suk Yeol සමඟ එක්ව අයාලේ යන සුනඛයන් රැක බලා ගැනීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.

මීට පෙරද දකුණු කොරියාව විසින් සුනඛ මාංශ පිරිභෝජනය තහනම් කිරීමට උත්සහ කළද එම කර්මාන්තයේ නියැලෙන්නන්ගේ විරෝධතා සහ ගොවීන්ගේ සහ ආපනශාලා හිමියන්ගේ ජීවනෝපාය ගැන කනස්සල්ලට පත්වීම හේතුවෙන් එම පනත ගෙන ඒම අසාර්ථක වි ඇත.

සුනඛ මස් අනුභව කිරීම කොරියානු අර්ධද්වීපයේ අනාදිමත් කාලයක සිට පැවත එන පුරුද්දක් වන අතර එය ග්‍රීෂ්ම ඍතුවෙන් ඇති උණුසුමෙන් මිදීමේ මාර්ගයක් ලෙසද සැලකෙන බවයි එරට අතීත පොත පොත සඳහන් කරන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි