×

”යක්ෂ නීතිය ඉවත් කරනු” හොංකොං ජනතාව ලක්ෂ ගණනින් වීදි බසියි

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත 1997 වසරේ දී මහජන චීනය යටතේ පාලනයට පැවරූ අතර, ඉන් පසු අර්ධ ස්වාධීන රාජ්‍යයක් ලෙස හොංකොං පාලනය විය (one country, two systems)


වසර 20ක කාලය තුළ පැවති විශාලතම විරෝධතා ව්‍යාපරය මේ වන විට හොංකොංහී දී පැවැත්වේ. ලක්ෂ ගණනින් හෝංකොං වැසියන් මෙසේ විරෝධතා පවත්වමින් සිටින්නේ එරටට හදුන්වා දෙන්නට යන නව උදර්පණ නීතියක් සම්බන්ධයෙනි extradition bill. මෙම නීතිය අනුව හෝංකොං හී රාජ්‍ය අපරාධකරුවන් සම්බන්ධ නීති කටයුතු එනම් නඩු විභාග පැවැත්වීම සදහා ඔවුන්ව චීනය වෙත යැවිය යුතු බවත් චීනයේදී නඩු විභාග කෙරෙනු ඇති බවත්ය. මෙයට විරුද්ධ වන හොංකොං විරෝධතා කරුවන් පවසන්නේ මෙම නීතිය මුවාවෙන් චීනය විසින් හොංකොං හී චීන විරෝධී මතධාරීන් අත් අඩංගුවට ගෙන චීනය වෙත ගෙන යන්නට වෑයම් කරන බවයි.

හිතුමතේ හොංකොං මහජනතාව අත්අඩංගුවේ තබා ගැනීමට, සාධාරණ නොවන නඩු විභාග සහ චීන අධිකරණ රටාව යටතේ වධහිංසාවලට ගොදුරු කර ගැනීමට එම නීතියෙන් දොරටු විවර වනු ඇතැයි විවේචකයෝ චෝදනා කරමින් සිටිති.

විරෝධතා කරුවන් හඩ නැගුවේ ”යක්ෂ නීතිය ඉවත් කරනු” ”චීනන උදර්පණ නීතියට විරුද්ධ වනු ආදී වශයෙනි”.

විරෝධතා කරුවන් පවසන්නේ හොංකොං නායක කැරී ලෑම් ඇතුළු පාලකයන් මෙවැනි නීතියන් යෝජනා කිරීම සදහා පොළඹවා ඇති බවයි. විරෝධතා කරුවන් සියල්ලම පාහේ සුදු ඇදුමින් සැරසී උන් අතර ඔවුන් බෙහෝමයක් සිය මුහුණු ආවරණය කර ගෙන සිටියහ.

නීතිවේදීන් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ශිෂ්‍යයන්ද ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සහ විවිධ ආගමික සංවිධාන ද ඇතුළු විවිධ සමාජ ස්ථරවලට අයත් පිරිස මෙම විරෝධතාව නියෝජනය කළහ.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත 1997 වසරේ දී මහජන චීනය යටතේ පාලනයට පැවරූ අතර, ඉන් පසු අර්ධ ස්වාධීන රාජ්‍යයක් ලෙස හොංකොං පාලනය විය (one country, two systems) .

හොංකෝං සහ එක්සත් රාජධානිය , එක්සත් ජනපදය ඇතුළු රටවල් විස්සක් සමග සැකකරුවන් භාරදීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර චීන පාලනයත් සමග එවැනි ගිවිසුමක් ඇති කරගෙන නොමැති බව පැවසේ එවැනි නීතියක් සම්බන්ධව දෙරට පසුගිය දශක දෙක පුරා සාකච්ඡා පැවැතුණද චීනය තුල බලපැවැත්වෙන නීතිය යටතේ චූදිතයන් සඳහා ඇති දුර්වල නෛතික රැකවරණය තුළ මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් එම සාකච්ඡාවන්හි අසාර්ථකභාවයට හේතු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි