×

ලෝකයේ වැඩියෙන්ම ණය බර දරන්නෝ

..........................................................................


පවතින ආර්ථික රටාව සමග ණය නොවී ස්වාධීනව සිය ආර්ථිකය ශක්තිමත් කර ගන්නා රටවල් අද වන විට ලෝකයේ නැතිම තරම්.

වේගයෙන් දිනෙන් දින වෙනස් වෙන ආර්ථිකය හෙට වන විට ලෝකය කුමන දිශාවකට හරවනු ඇතිදැයි අපට කිව නොහැකිය අද වන විට වෙනිසියුලාව වැනි රටවල් මුහුණ දී තිබෙන තත්ත්වය පමණක් නොව ඉන්දියාවේ කාර් නිෂෟපාදනය බිද වැටුන ආකාරය මේ සියල්ලම අප ඉදිරියේ මවා පාන්නේ සෑම රටකම ආර්ථික තත්ත්වයන් පිළිබදව තබා ගත හැක්කේ අනපේක්ෂිත බලාපොරෝත්තු බවයි.


පසුගිය වසර පහක කාලය තුළ ලෝකයේ රටවල් වැඩි වශයෙන් ණය ලබා ගැනීම සදහා අවධානය වැඩි වශයෙන් යොමු කළ කාලයක් ලෙස පෙනී යයි. තවත් රටවල් හෝ ආයතන විසින් ලබා දෙන අඩු පොළී අනුපාතික විසින් රටවල් ණය ගැනීමේ අනුපාතය ඉහළ යෑම වැඩි වශයෙන් දැක ගත හැකිය.

විශේෂයෙන්ම 2018 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF විසින් නිකුත් කළ වාර්ථාවට අනුව වැඩිම ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති රාජ්‍ය්‍යන් වී ඇත්තේ ජපානය සහ ග්‍රීසියයි. ජපානය පළමු ස්ථානයේ සිටින අතර ජපානයේ රජයේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය Debt to GDP ratio 237%6කි .දෙවන ස්ථානයේ සිටින ග්‍රීසියේ එම අගය 181.8කි.
මෙම රටවල් අතරේ ඇමරිකාව සිටින්නේ 8 වන ස්ථානයේ වන අතර ඇමරිකවේ මෙම අනුපාතය 105.2කි.

ලෝකයේ ණය බර අඩුවෙන්ම ඇති රාජ්‍ය්‍යන් ලැයිස්තුව පිළිබදව සළකා බැලීමේදී අඩුම ණය බරක් ඇත්තේ මැකාවෝ රාජ්‍යටයි. දෙවන ස්ථානය හෝංකොං වන අතර මේ රාජ්‍යයන් දෙකම චීනය යටතේ ඇති විශේෂීත පාලන ක්‍රම දෙක වන අතර ඒවා ණය බරින් තොර රාජ්‍ය්‍යන් වේ. එමෙන්ම ස්වාධීන රාජ්‍ය්‍යන් අතරේ ණය බරින් අඩුම රට බෘණායි රාජ්‍ය්‍යයි. එහි රජයේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 2.8%කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි