×

ඇමරිකාව විසින් පැනමාව ආක්‍රමණය කළ හැටි (ඡායාරූප)

ආක්‍රමණය තුන් දිශාවෙන්ම පැමිණියේය. මුහුදෙන්, අහසෙන් සහ ගොඩබිමෙන්... ඇමරිකානු සෙබළු 20,000 ක් පැනමාවට ගොඩ බැස තිබිණි.


ඇමරිකානු හමුදාවේ අරමුණ වූයේ පැනමාවේ නිල නොලත් නායකයා ධුරයෙන් පහ කර මත්ද්‍රව්‍ය චෝදනා මත ඔහුව ඇමරිකාවේ මයාමි වෙත ගෙන යාම ය.

ඒ 1989 දෙසැම්බර් 20 වැනිදා ය. පැනමාවේ නිල නොලත් නායක, ජනරාල් මැනුවෙල් නොරීගා සහ ඇමරිකාව අතර සම්බන්ධතා නැවත පිරිපහදු කළ නොහැකි පරිදි පිරිහී තිබිණි.

ජාතිය අමතමින් ඇමරිකානු ජනපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් පැවසුවේ තමන් ඇමරිකානු හමුදාවට පැනමාව බලා ගොස් ‘ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස‘ත්, නොරීගා ව ‘යුක්තිය හමුවට පමුණුවන ලෙසත්‘ නියෝග කළ බවයි.

මෙම නිවේදනය පැමිණියේ පැනමාවේ සේවය කළ ඇමරිකානු භටයෙකු ඝාතනය කිරීමෙන් පසුව ය. ඒ කාලය වන විට නොරීගාද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇමරිකාවේ චෝදනා ලබා සිටියේය. තවද 1989 වසරේ පැවති මැතිවරණය වංචා කළ බවට ද ඔහුට ඇමරිකාව චෝදනා කරමින් සිටියේය.

ඇමරිකානු හමුදාව එයට කීවේ Operation Just Cause කියා ය. ඒ අනුව විසි දහසකට අධික ඇමරිකානු භටයන් පිරිසක් පැනමාව ආක්‍රමණය කර හමුදා ස්ථාපිතයන් අල්ලාගෙන තිබිණි.

A US soldier guides a military helicopter during an operation against a military command post loyal to General Manuel Noriega on 23 December, 1989.Image : AFP

නිල වාර්තාවලට අනුව පැනමා සොල්දාදුවන් සහ සිවිල් වැසින් 514 දෙනෙක් මෙහිදී මරා දැමුණි. නමුත් පැනමාවේ ඇතැම් පුවත් මුලාශ්‍රවලට අනුව මේ සංඛ්‍යාව 1000 කට ආසන්න ය. ඇමරිකානු හමුදා භටයන් 23 ක් ක්‍රියාන්විතයේදී මරු දැක තිබිණි.

ඇමරිකානු ආක්‍රමණය හමුවේ පැනමාවේ අගනගරය වන ‘පැනමා සිටි‘, තනිකරම යුධ පිටියක් බවට පත් විය.

A US soldier searches the bag of a Papal courier during Operation Just Cause, outside the Vatican embassy in Panama City on 28 December, 1989.Image : AFP
US soldiers secure a position outside a supermarket in downtown Panama City on 23 December, 1989.Image : AFP
US army helicopters patrol Panama City during Operation Just Cause on 29 December, 1989.Image : AFP

නොරීගාගේ අධාරකරුවන් මේ ක්‍රියාන්විතය අතරවාරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

General Noriega's supporters are arrested 25 December 1989.Image : AFP

මංකොල්ලකෑමේදී අල්ලා ගත් බව කියූ මේ තැනැත්තා ඇමරිකානු හමුදා භාරයට පත් කරන ලදී.

American soldiers detain a man caught looting during the invasion of Panama.Image : GETTY IMAGES

නොරීගාගේ විරුද්ධවාදීන් ඇමරිකානු හමුදාව විසින් සිය රට ආක්‍රමණය කිරීම සැමරුවේ ප්‍රීති ඝෝෂා නගමිනි.

A large number of Panamanians opposed to General Manuel Antonio Noriega wave American and Panamanians flags outside a military post 22 December 1989.Image : AFP

මේ සියල්ල අතරවාරයේ නොරීගා සිටියේ වතිකානයේ රාජ්‍ය තාන්ත්‍රික ධූත මෙහෙවරක යෙදෙමිනි. ඔහු තානාපති කාර්යාලය තුළ සැඟව සිටියේය.

US soldiers man their security position outside the Vatican embassy in Panama City where Panamanian General Manuel Noriega was seeking asylum on 25 December. 1989.Image : GETTY IMAGES
US troops guard the Vatican embassy in Panama City during Operation Just Cause on 25 December, 1989.Image : AFP

දින 11 ක් තානාපති කාර්යාලය තුළ සැඟවී සිටි නොරීගා, 1990 ජනවාරි 3 වැනිදා ඇමරිකානු හමුදාවට යටත් විය.

ඉන්පසු US Drug Enforcement Administration නිලධාරීන් විසින් ඔහුව මයාමි වෙත ගෙන ගොස් නඩුවිභාගයකට ලක් කරන ලදී. අවසානයේ ඔහු මත් ජාවාරම, නීති විරෝධී මිනිස් ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු බවට පත්විය. පහත ඡායාරූපයේ මැද සිටින්නේ නොරීගා ය.

Panamanian General Manuel Noriega (C) is brought on board a US military plane 3 January 1990 for a flight to Miami after his arrest.Image : GETTY IMAGES
A handout made available by US Marshall taken on 04 January 1990 shows former Panamanian General Manuel Antonio Noriega on a jail of United States (reissued 30 May 2017Image : EPA

නොරීගා, වයස අවුරුදු 83 දී මොළයේ ගෙඩියක් සෑදී මිය යන තෙක්ම සිරභාරයේ පසුවිය. මුලින් ඇමරිකාවේද ඉන්පසු ප්‍රංශයේ ද, අවසානයේ පැනමාවේ ද ඔහු නිවාස අඩස්සියේ පසුවිය. ඔහු මිය ගියේ 2017 වසරේදී ය.

Cover Photo: AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි