×

ලැව්ගිනි හේතුවෙන් පීඩා විඳින පෘතුගාලය

අධික උෂ්ණත්වය සහ තද සුළං තත්වය සංකීර්ණ කරයි.


පවතින උෂ්ණාධික තාප තරංගයන් හේතුවෙන් පසුගියදා පෘතුගාලයේ ඇලන්ටෙජෝ කලාපයේ ඔඩෙමිරා මහ නගර සභාවෙන් ඇරඹි ලැව්ගිනි තත්වයන් එතැන් සිට පෘතුගාලයේ ඉහළම සංචාරක ගමනාන්තයක් වන ඇල්ගාර්වේ වෙත දකුණට පැතිරී යමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට පෘතුගාලයේ හෙක්ටයාර 6,700ක් (අක්කර 16,500ක්)ක භූමි ප්‍රමාණයක් ගින්නෙන් දැවී ගොස් ඇති අතර 1,400කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කර යවා ඇත.

මේ වන විට 800කට අධික ගිනි නිවන භටයන් පිරිසක් පවතින ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇති අතර Odemira හි නගරාධිපති, Helder Guerreiro, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, අධික උෂ්ණත්වය සහ තද සුළං තත්වය සංකීර්ණ කරනු ඇති බවයි.

පෘතුගීසි කාලගුණ ඒජන්සිය (IPMA) ඊයේ(07)දිනයේදී නිවේදනය කර තිබුණේ, ලිස්බන් අගනුවර ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක හයකට උෂ්ණත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබන බවයි. ඒ අනුව පෘතුගාලය පුරා මහ නගර සභා 120 කට වැඩි ප්‍රමාණයක් ලැව්ගිනි ඇතිවීමේ උපරිම අවදානමක් ඇති බව ඔවුන් මෙහිදී සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි