×

සුඩානයේ මන්දපෝෂණය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් මියයාමේ අවදානමක- UN

මේ වන විට සටන් විරාම නැවත නැවතත් උල්ලංඝනය කර සාකච්ඡා අත්හිටුවා තිබේ.


සුඩානයේ හමුදා ප්‍රධානි ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ පැරාමිලිටරි බලකායක් වන (RSF)හි මොහොමඩ් හම්දාන් හෙවත් හෙමෙඩ්ටි ඩගාලෝ අතර අප්‍රේල් මාසයේදී ආරම්භ වූ යුද්ධය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අතර ප්‍රතිකාර නොකළහොත් මරණයට පත්වීමේ අවදානමක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකාරක උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් අද(25)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

සන්නද්ධ ගැටුම් ස්ථානය සහ සිදුවීම් දත්ත ව්‍යාපෘතියේ (ACLED) ඇස්තමේන්තු වලට අනුව මේ වන විට 5,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව සටන් ඇවිළී මාස හතරක කාලය තුළ මිලියන 4.6 කට වැඩි පිරිසක් සිය නිවෙස් වලින් පලා ගොස් ඇත.

සෞදි අරාබිය පසුගිය මැයි මාසයේ සිට සුඩානයේ ගැටුම් හේතුවෙන් විපතට පත් වූවන් වෙත මානුෂීය ආධාර ලබා ගැනීමට ඉඩ සලසන සටන් විරාමයක් ගෙන ඒම සඳහා RSF සහ සුඩාන හමුදාව අතර සාකච්ඡා සඳහා පහසුකම් සපයා ඇති මුත්, මේ වන විට සටන් විරාම නැවත නැවතත් උල්ලංඝනය කර සාකච්ඡා අත්හිටුවා තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි