×

“මම ඉන්දියානුවෙකු කනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ,” ජෙයාර් බොල්සොනාරෝ

වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වැරදි තොරතුරු පතුරුවා හැරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේ අපි හුදෙක් අපගේ ප්‍රතිවාදියා කෙබඳුදැයි මිනිසුන්ට දැන ගැනීමට ඉඩ සැළැස්වූ බවයි.


බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයා පුරසාරම් දොඩව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත. එනම්, 2016 වසරේදී තමා ආදි වාසී ප්‍රජාවක් අතරට ගිය විට මිනිස් මස් අනුභව කිරීමට අවස්ථාව ලැබුණ බව ප්‍රකාශ කරන වීඩියෝවක් බොල්සොනාරෝගේ වාමාංශික ප්‍රතිවාදියා වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් රූපවාහිනී දැන්වීමක් ලෙස ඉදිරිපත් කර ඇත.

මිලියන ගණනක් දෙනා ‌එම වීඩියෝව නරඹා ඇති අතර මේ සම්බන්ධයෙන් බොල්සොනාරෝගේ නීතිඥයින් මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ දැන්වීම තහනම් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් යානොමාමී නායකයන් සහ මානව විද්‍යාඥයින් බොල්සොනාරෝගේ ප්‍රකාශයන් හෙලා දැක ඇති අතර මගේ ජනතාව මිනීමරුවන් නොවන බවත් , මෙය අපගේ මුතුන් මිත්තන් අතර පවා නොපවතියි හෝ එය කිසිදා පැවතියේ නැති බවත්, Yanomami ක්‍රියාකාරිකයෙකු වන Junior Yanomami මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.


කෙසේ නමුත් මැතිවරණ විනිසුරුවරයාගේ තීන්දුව වූයේ බොල්සොනාරෝගේ කීර්ති නාමයට හානි කරන වෙළඳ දැන්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වැරදි තොරතුරු පතුරුවා හැරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේ අපි හුදෙක් අපගේ ප්‍රතිවාදියා කෙබඳුදැයි මිනිසුන්ට දැන ගැනීමට ඉඩ සැළැස්වූ බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : https://outboundtoday.com/brazil-election-lula-and-bolsonaro-2022/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි