×

ඉම්රාන් ඛාන්ට දස වසරක සිර දඩුවම්

ඛාන් මෙම චොදනා ප්‍රතික්ෂේප කර ඇත.


සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ සමීපතමයෙකු වන හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට රාජ්‍ය රහස් හෙළි කිරීම හේතුවෙන් දස වසරක සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ඛාන් මෙම චොදනා ප්‍රතික්ෂේප කර ඇති අතර  තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනපද පරිපාලනයේ සහාය ඇතිව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සහ බලවත් හමුදාව විසින් සකස් කරන ලද කුමන්ත්‍රණයක් බවට දිගින් දිගටම චොදනා කරයි.

ඛාන් 2018 අගෝස්තුවේ සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත් විය. ඔහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිරගතව සිටියි.

පෙබරවාරි 8 වැනිදා පකිස්තානයේ මහ මැතිවරණයට පැවැත්වීමට සූදානම් වන අතර මෙම අධිකරණ තීරණයත් සමග ඛාන්ට මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි