×

මෝදි පිළිබඳ BBC චිත්‍රපටයේ සබැඳි අවහිර කරන ලෙස ඉන්දියාව යූ ටියුබ්, ට්විටර් වෙතින් ඉල්ලයි.

2021 තොරතුරු තාක්ෂණ රීති යටතේ හදිසි බලතල භාවිතා කරමින් අන්තර්ගතය අවහිර කළ බව කාංචන් ගුප්තා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.


2002 වසරේ විශාල ජන සංහාරයක් සිදු වූ ගුජරාට් කොලහාරය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් පසුගියදා නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයේ එවකට ගුජරාට්හි මහ ඇමතිවරයා ලෙස ක්‍රියාකළ මෝදිගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන BBC වාර්තා චිත්‍රපටය බෙදා ගැනීමේ සබැඳි අවහිර කරන ලෙස ඉන්දීය රජය ට්විටර් සහ යූ ටියුබ් වෙත නියෝග කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ තොරතුරු හා විකාශන අමාත්‍යාංශ නිවේදනය කර තිබේ.

මෙම වාර්තා චිත්‍රපටය ඉන්දීය විදේශ අමාත්‍යංශය මඟින් ප්‍රතික්ෂප කර ඇති අතර, මේ වන විට චිත්‍රපටයේ මුල් කථාංගයේ යූ ටියුබ් වීඩියෝ කිහිපයක් හා වීඩියෝවලට සබැඳි සහිත ට්වීට් 50 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට නියෝග කර ඇති බව තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කාංචන් ගුප්තා ට්වීට් කර ඇත.

2021 තොරතුරු තාක්ෂණ රීති යටතේ හදිසි බලතල භාවිතා කරමින් අන්තර්ගතය අවහිර කළ බව කාංචන් ගුප්තා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_

සබැඳි පුවත් :- ගුජරාට් කෝලාහලයේදී මෝදිගේ නායකත්වය ප්‍රශ්න කරන BBC චිත්‍රපටය ඉන්දියාව ප්‍රතික්ෂප කරයි.

ගුජරාට් කෝලාහලයේදී මෝදිගේ නායකත්වය ප්‍රශ්න කරන BBC චිත්‍රපටය ඉන්දියාව ප්‍රතික්ෂප කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි