×

වසර 30කට පසු ලැබූ විශාලතම මැතිවරණ ජය සමඟ ඉන්දීය ඉතිහාසය නැවතත් මෝදිගේ නම ලියයි

මෝදි සිය දෙවන වාර ධූර දැරීමට සැරසෙයි. ඔහුට විශිෂ්ඨ ජයක්.


.

තවත් වසර 5ක් සදහා ඉන්දියාවේ අගමැති ධූරයට යළිත් වරක් හිටපු අගමැති නරේන්ද්‍ර මොදි පත් වී ඇත. තමන් වෙත ලබා දුන් විශිෂ්ඨ ජයට මෝදි විසින් සිය ප්‍රණාමය ජනතාව වෙත පුද කර සිටියේය‍. ඔහුගේ මෙවර ජය පෙර ජය ගුහණය මෙන්ම ඉතිහාස ගතය. මෝදී නියෝජනය කළ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකලාපය පසු ගිය සමයේ විවිධ හැළ හැප්පීම් විවේචනයන්ට ලක් වුවද ඉන් මෝදිගේ ජය ග්‍රහණයට කිසිදු බලපෑමක් සිදු නොවී ඇති ගාණය.

” අපි සියල්ලන්ටම නව ඉන්දියාවක් අවශ්‍යයි. මට ඔබ වෙත මගේ හිස නමා ආචාර කිරීමට අවශ්‍යයි” ජයග්‍රහණයෙන් පසු ජනතාය අමතා මෝදි ප්‍රකාශ කලේය.

ඉන්දීය මැතිවරණය ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක පැවැත්වෙන විශාලතම මැතිවරණය විය. දින ගණනාවක් තිස්සේ පැවති මැතිවරණයේ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලෝක් සභා හෙවත් ජනතා මන්ත්‍රී මණ්ඩලයයේ ආසන සංඛ්‍යාව 545 සදහා සුදුස්සන් තොරා ගනු ලැබිණ. මෝදිගේ ජයග්‍රහණය සනාථ කරන්නට ආසන 300ක විශිෂ්ඨ ජයක් ඔවුන්ට ලැබුනේය. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකදී මිලියන 875ක ඡන්ද දායකයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් භාරතීය ජනතා පක්ෂය දිනවන ලදී, එය භාරතීය ජනතා පක්ෂය 2014 දී ලබා ගත් ජයග්‍රහණයටත් වඩා විශාල ජයකි. මෝදිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධිය.

මෝදිගේ ජයග්‍රහණයට බලපෑ ආසන්නතම හේතුව වන්නේ ඔහු විසින් ගෙන ගිය හිංදු ජාතිකත්ව දේශ පාලන ව්‍යාපාරයයි. රට තුළ තවමත් විසදන්නට අර්බුද එහෙම පිටින්ම ඉතිරිව තිබියදී මොදිට නැවත වතාවක් ජනතාව විසින් රට භාර කර ඇත. විරැකියාව, රටේ කාර්ම්ක නිෂ්පාද බිද වැටීම ආදී අර්බුධ මෝදිට ඔහුගේ පසු ගිය ධූර කාලය තුළ පිළියම් සොයන්නට වොහැකි වූ අර්බුදයන්ය.;

භාරතීය ජනතා පක්ෂය සම්පූර්ණයෙන්ම තනි ජයග්‍රහණය මත ආසන 300ක ජය හිමිකර ගත්තද ඒ හා සන්නද්ධ ගත වන අනෙකුත් පක්ෂ වලද එකතුවෙන් එය ආසන 350ක් පමණ වැඩි විය හැකිය. ප්‍රතිවාදියා වූ රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයට හිමි වූයේ ආසන 60ක් පමණි. ඉන්දීය පාර්ලිමේන්තුව තුළ සිය ජය තහවුරු කරගැනීමට නම් සාමාන්‍යයෙන් අවශ්‍ය ආසන සංඛ්‍යාව 282කි නමුත් මෝදිගේ බී ජේ පී පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව ඊට ඉහළය.
සති 6ක් තිස්සේ වට 7කින් මැතිවරණය පැවැත්වීය.

සිය ජය වෙනුවෙන් මොදි ට අති විශාල වෙහෙසක් දරන්නට සිදු විය. මීට වසරකට පමණ පෙර ඇතිවූ demonetisation හෙවත් ඉන්දීය මුදල් අහෝසි කිරීම, කාර්මික නිෂ්පාදන වල බැස්ම මෙන්ම පෙර කී පරිදි රැකියා වියුක්තිය හා වගා බිම්වල ආදායම අවම වීම වැනි හේතු සාධක බෙහොමයක් පැවතුණේ මෝදිය අවාසි සහගගත ලෙසය. නමුත් මෝදි යනු කවුරුන්දැයි සිතා බැලීමේදී ඔහු කෙතරම් සේවයක් නොකළද සිදු කළද වැඩ කරන ජනතාව තුළින් ඉස්මතුවූ මිනිසෙක් වීම හේතුවෙන් මොදි කගෙත් සිත් ගත් මිනිසා විය. ඊට අමතරව ඔහුගේ පෙර ධුර කාලයේදී ප්‍රකායට පත් වූ නඩු තීන්දු මොදිගේ මැතිවරණ ජයග්‍රහණයට තවත් හේතුව විය. සමරිසි විවාහ නීතිගත කිරීම ඇතුළු ඓතිහාසික නඩු තීන්දු කිහිපයක්ම විය. ඊට අමතරව මෝදිගේ පසු ගිය පාලන සමයේ ඉන්දීය ආර්ථිකය ලෝකයේ සය වන විශාලතම ආර්ථිකය බවට පත් කරන ලදී. නමුත් විරැකියාව ඉහළ ගොස් ඇත්තේ ඉතා වේගයෙනිත 1970ට පෙර ඉහළම විරැකියා අගයක් මෙම වසරේදී පෙන්වා ඇත.

කෙසේ වෙතත් මෝදිගේ ජයග්‍රාහී කථාවට අනුව ඉදිරියේදී ඉන්දියාවේ පැවතිය හැක්කේ කුලයන් දෙකක් පමණි. ඒ දිළින්දන් සහ ඔවුන්ය දිළිදු බවින් මුදවා ගැනීම උදෙසා වැඩ කිරීමට සූදානම් පිරිසයි.
මොදිගේ ජයග්‍රහණය ගැන ට්විටර් පණිවිජයක් නිකුත් කරමින් ඇමරිකානු ජනපති පවසා තිබුණේ තමන් මෝදිට සුභ පතන ගමන් ඇමරිකාන් ඉන්දියා සම්බන්ධතා එක්ව ඉදිරියට පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පාකිස්ථාන නායක ඉම්රාන් කාන් පවසා තිබුණේ දකුණු ආසියාවේ සාමය, සෞභාගය සහ දියුණුව උදෙසා ඔහු හා ක්‍රියා කිරීමට තමන් කැමති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි