×

ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 14 දෙනෙකු මියගොස් 102දෙදෙනෙකු අතුරුදන්

ඉදිරි දිනවලදී ද වර්ෂාපතනය ඉහල යනු ඇතැයි, පුරෝකථනය කර ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම අභියෝගාත්මක වනු ඇති බවයි බලධාරීන් අනතුරු අඟවන්නේ.


ඊසානදිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ලෝනාක් විලෙහි ව්‍යසනකාරී පිටාර ගැලීම හේතුවෙන් චීනයට මායිමට ආසන්නව ටීස්ටා නිම්නයේ වේල්ලක් අර්ධ වශයෙන් කඩා වැටීමට නිසා අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 102 ක් තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ඊයේ(04)දිනයේදී සිදු වූ මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 22,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ගංවතුර හේතුවෙන් ප්‍රධාන මහාමාර්ග සහ පාලම් ගසාගෙන යාමෙන් සංචාරකයින් 3,000 කට වැඩි පිරිසක් අතරමං වී තිබේ.

ඉදිරි දිනවලදී ද වර්ෂාපතනය ඉහල යනු ඇතැයි, පුරෝකථනය කර ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම අභියෝගාත්මක වනු ඇති බවයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි