×

ඉන්දියාවට අවම වර්ෂාපතනයක් ලැබීමත් සමඟ භාණ්ඩ මිල ඉහල යයි

මෝසම් වර්ෂාව සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් බෝගවලට ජලය සැපයීමට සහ ජලාශ සහ ජලධර පිරවීම සඳහා දායක වේ.


ජුනි සිට සැප්තැම්බර් දක්වා ඉන්දියාවට ලැබෙන මෝසම් වර්ෂාව වසර 5කට පසු අඩුම අගයකින් වාර්තා වන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ ඩොලර් ට්‍රිලියන 3 ක ආර්ථිකයට අත්‍යවශ්‍ය වන මෝසම් වර්ෂාව සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් බෝගවලට ජලය සැපයීමට සහ ජලාශ සහ ජලධර පිරවීම සඳහා දායක වේ. ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතියේ ගොවිබිම් වලින් අඩකට ආසන්න ප්‍රමාණයකට වාරිමාර්ග නොමැති අතර, කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා මෝසම් වැසි වඩාත් වැදගත් වේ.

ඒ අනුව, මෝසම් වර්ෂාව නිසි ලෙස නොලැබීමත් සමඟ සහල්, තිරිඟු, සීනි, ඇට වර්ග හා එළවළු වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වඩාත් මිල අධික වන අතර සමස්ත ආහාර උද්ධමනය ඉහළ නැංවිය හැකි අතර ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් නැව්ගත කිරීම් සීමා කිරීමටත්, ලූනු අපනයනය සඳහා සියයට 40ක බද්දක් පනවනු ඇති බවත් අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ඔක්තෝබර් මාසයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළින් පැවතිය හැකි බව බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි