×

කැනේඩියානු සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳ සැකයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට පසු වැඩිම සික් ජනගහනයක් සිටින්නේ කැනඩාවේය.


කැනඩාවේ විසූ සික් නායකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී වෙඩි තබා ඝාතනය කරන කිරීම සම්බන්දයෙන් ඉන්දීය රජය සැක කරන බව එරට බුද්ධි අංශ වාර්තාවන්ට අනුව අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය විකාර සහගත බව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර මෙම සිදුවීම ජාතීන් දෙක අතර දැනටමත් පලුදු වී ඇති සබඳතාවයේ නවතම උත්සන්න අවස්ථාවයි.

ඊයේ(18 )දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ටෘඩෝ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පසුගියදා දිල්ලියේ පැවති G20 සමුළුවේදී නජ්ජාර් මහතාගේ ඝාතනය පිළිබඳ ප්‍රශ්නය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉදිරිපත් කළ බවයි. කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශීය රජයක මැදිහත්වීමක් අපගේ ස්වෛරීභාවය පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ලෝක සික් සංවිධානය ඇතුළු කැනඩාවේ අනෙකුත් සීක් කණ්ඩායම් අගමැතිවරයාගේ ප්‍රකාශය සාදරයෙන් පිළිගෙන ඇති අතර ඔවුන් ඉන්දියාව අවිස්වාස කරයි. හර්දීප් සිං නිජ්ජාර් මෙලෙස මියගිය තුන්වන සික් නායකයා වන අතර එක්සත් රාජධානියේ, Khalistan Liberation Force හි ප්‍රධානියා ලෙස සැලකෙන Avtar Singh Khanda පසුගිය ජුනි මාසයේදී බර්මින්හැම් වලදි අභිරහස් ලෙස මරා දමා තිබිණි. ඉන්දියාව විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලද පරම්ජිත් සිං පන්ජ්වාර් පසුගිය මැයි මාසයේදී පාකිස්තානයේ ලාහෝර්හි වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානුවන් මිලියන 1.4 සිට 1.8 ක් කැනඩාවේ ජිවත් වන අතර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට පසු වැඩිම සික් ජනගහනයක් සිටින්නේ කැනඩාවේය.

ටෘඩෝ මෙම ප්‍රකාශය කිරීමත් සමඟ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩ්‍රියන් වොට්සන් ප්‍රකාශ කළේ ටෘඩෝ මහතාගේ චෝදනා හේතුවෙන් තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත්, විමර්ශනය ඉදිරියට ගෙන යාම සහ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත් බවය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි