×

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි – චීනය පරදවයි

ඉන්දියාව, හැකි තාක් ඉක්මනින් ඩිජිටල් රුපියල හඳුන්වා දීමට යන බව මුදල් අමාත්‍යවරිය නිවේදනය කළාය.


මේ අනුව, සිය මුදල් ඒකකය නිල වශයෙන් ඩිජිටල්කරණයට ලක් කළ ලෝකයේ අලුත්ම ප්‍රධාන පෙළේ ආර්ථිකය බවට පත් වන්නේ ඉන්දියාවයි.

චීනය විසින් ‘ඩිජිටල් යුවාන්’ හඳුන්වා දීමේ අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටින අතරතුර ඉන්දියාව මේ නිවේදනය සිදුකර ඇත. මේ අනුව මෙය ඉන්දියාව විසින් චීනය පැරදවීමක් ද වේ.

”මහබැංකු ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දීම රටේ ඩිජිටල් ආර්ථිකය ඉතා දැවැන්ත වශයෙන් දියුණු කිරීමක් වේවි” යැයි සිය අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරිය නිර්මලා සීතාරාමන් පැවසුවාය.

මුදල් අමාත්‍යවරිය, සිය අයවැය කතාවේදී සඳහන් කළේ ඩිජිටල් වත්කම් මත 30%ක බද්දක් ද හඳුන්වා දීමට නියමිත බවයි.

ඉන්දියාව ආසියාවේ 3 වැනුවට විශාලතම ආර්ථිකය හිමි රටයි. මෙහි පළමු තැන චීනයට ද දෙවැනි තැන ජපානයට ද හිමි වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි