×

COP26 : වසර 2070 වන විට පොසිල ඉන්ධනවලින් සමුගැනීමට ඉන්දියාවෙන් ප්‍රතිඥාවක් : 2030 වන විට වැඩි බර සූර්ය ශක්තියට

COP26 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික අර්බුද සමුළුව ඊයේ (සඳුදා) දිනයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී ආරම්භ විය.


මෙම දිනය වැදගත් වන්නට විශේෂම හේතුවක් වුණේ G20 හෙවත් ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් හිමි විස්සේ කණ්ඩයමේ රටවල්, (එනම් ලෝකයේ වඩාත්ම කාර්මිකරණයට ලක් වූ රටවල් විස්සේ කණ්ඩායම) ශුද්ධ කාබන් විමෝචනය වසර 2050 වන විට නතර කිරීමේ පොරොන්දුව ලබාදීමට අසමත් වීමත් සමග ය. මෙවර COP26 ඇරඹුණේ G20 සමුළුව අවසන් වූ දාට පසුදා ය.

අතිශය ප්‍රබල බලපෑමක් ඇති කරන ගෝලීය උණුසුම අධික වීම නතර කර ගැනීමේ තීරණාත්මක ‘අවසන් දිනය‘ ලෙස සැලකුණේ 2050 වසරයි. එයට තව වසර 30 ක් තිබීම හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට වඩාත් හොඳින් සිතා බැලූ ප්‍ර වේශයන් ගැන ලෝක නායකයන් ප්‍රතිඥා දෙනු ඇතැයි විශ්වාසයක් පැවතිණි. නමුත් සිදුවූයේ අනෙකකි. ඔවුන් ජීවයට අහිතකර ලෙස ලෝක ගෝලය රත් වීම ගැන සිතන්නට වසර 30කට පෙර පවා සූදානම් නැත. එසේ නම් හෙට දවස ගැන කුමන කතාද?

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි COP26 අමතමින් වසර 2030 වන විට ඉන්දියාව කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා නිශ්චිත කාලරාමු සහිත ප්‍රතිඥාවක් ලබාදීම වැදගත් වන්නේ මේ පසුබිම තුළ ය.

රෝමයේදී පැවැත්වුණු G20 සමුළුවේදී අවසන් වශයෙන් නිගමනය වී තිබුණේ සියවස මැද වන විට‘‘ එනම් දළ වශයෙන් වසර 2050 වන විට ශුන්‍ය කාබන් විමෝචනයක් දක්වා යාමට බලාපොරොත්තු වන බව ය. එය ද පැවසුණේ නිශ්චිත වශයෙන් නොවේ. නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියාව නිශ්චිත වශයෙන්ම වසර 2070 වන විට ශුන්‍ය කාබන් විමෝචනය කරා ගමන් කරන බව පැවසුවේය.

එපමණක් නොව, වසර 2030 වන විට ‘පොසිල නොවන ඉන්ධන‘ වලට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, එහිදී ප්‍රධාන වශයෙන්ම සූර්ය ශක්තිය මත රඳා පැවතීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය. ඒ අනුව සූර්ය බලය ගිගාබයිට් 450 සිට 500 දක්වා බලශක්තියක් බවට ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.

නරේන්ද්‍ර මෝදිගේ මෙම ප්‍රකාශය ‘නිකම්ම නිකං කතාවක්‘ නොවන බව අපට සනාථ වන්නේ දැනටමත් ඉන්දියාව මේ අරමුණ වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරමින් සිටින නිසා ය. ඒ අනුව ඉන්දියාව 2021 වසර තුළ පළමු මාස 9 තුළ පමණක් සිය බලශක්ති අවශ්‍යතාවයට ගිගාවොට් 10 ක් එක් කර තිබේ. එය සිදුකර තිබෙන්නේ සූර්ය ශක්තිය සහ සුළං බලය මගිනි. (මූලාශ්‍රය – The Economic Times: Energy World)

COP26 සමුළුවේ සමාරම්භක කතාව පැවැත්වූයේ සත්කාරක රට වන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසිනි.

 

බ්‍රිතාන්‍ය යේ ස්වභාව ඉතිහාසඥයෙකු වන ප්‍රකට පරිසර වේදී සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරු ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ මෙන්ම වේල්ස් හි කුමරු ද මෙම සමුළුව පළමු දිනයේදී ඇමතූහ.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ

දැන් හොඳටම ඇති..!

‘‘ජෛව විවිධත්වය විනාශ කළා දැන් ඇති. කාබන්වලින් අපවම මරාගත්තා දැන් ඇති. සොබාදහමට වැසිකිළියකට මෙන් සැලකුවා දැන් ඇති..අප මේ කරන්නේ අපගේම මිනී වළවල් හාරා ගැනීමයි..‘‘

යැයි ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් COP26 සමුළුවේ සමාරම්භක කතාව පවත්වමින් කීවේය.

“Enough of brutalising biodiversity. Enough of killing ourselves with carbon. Enough of treating nature like a toilet. Enough of burning and drilling and mining our way deeper. We are digging our own graves,” – UN Secretary General Antonio Guterres



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි