×

කාල වර්ණ මිනිසුන්ද ඇදහිය යුත්තේ පැහැපත් සමක් ඇති දෙවියන්මද? බැතිමතුනි, අඳුරු පැහැයද සුන්දරය…

අඳුර යනු ‌සුන්දර ‌මෙන්ම දිව්‍යමය පැහැයක්ද ‌වෙයි.


 

සිරුරේ පැහැය මිනිසුන්ට ලබා දුන් දේ මෙන්ම මිනිසුන්ගෙන් උදුරා ගත් දේද බෙහෝමය . වර්ණ බේද වාදය ලෝකයෙන් නිළ වශයෙන් තුරන් වී ගොස් තිබුණද අදද පැහැපත් සිරුරක් සමග ඉපදීම පෙර කුසලයක් කියා සිතන්නෝද නැත්තේ නොවේ.

භක්තිවන්තයින් පුද පූජා කරන්නේ සුදු දෙවියන් ඉදිරියේය. කාල වර්ණ දෙවියන් ගැන බැතිමතුන් ගේ සිතක අහලකවත් නැත. සමේ පැහැය මත බොහෝ දෑ තීරණය කිරීම පොදු සමාජය විසින් අද ප්‍රතික්ෂේප කලද අප යන බස් රථයේ, වෙළඳ සැලේ කෝවිලේ, පන්සලේ, පල්ලියේ දෙවියන් හෝ ආගමික චරිත නිරූපනය කිරීම සඳහා සුදු හෝ පැහැපත් සම යොදා ගැනීම දේව භක්තිය ඒ් මත පදනම් වීම යනු කළු මිනිසුන් නැත්නම් අඳුරු පැහැ සම දිව්‍යමය නොවන්නේද ,

ලෝකයේ වඩාත්ම ඉහළ විවිධත්වයක් ඇති රට ඉන්දියාවයි. ප්‍රාන්ත 29 ක් සහ බිලියන 1.2 ක ජනගහනයක් මෙම ප්‍රාන්තවල වෙසෙන අතර සංස්කෘතිය හා සම්ප්‍රදායන් ආගම් 9 ක් භාෂාවන් 22ක් හා ඒ් වටා බැදුන් විවිධාකාර සංස්කෘතෘන් අනුගමනය කරයි.

මේ සියල්ල තුල විවිධත්වයන් ගැබ් වුන නමුත්, එක දෙයක් පොදු ය. ඒ් සෑම ආගමක් සෑම පුද්ලලයෙක්ම අදහන සෑම දෙවියෙකු හෝ දේවතාවියක්ම සුදු පැහැති සමක් ඇති අය ලෙස නිරූපණය කර තිබීමය. ඒ් ප්‍රධාන වශයෙන් ජනගහනයෙන් වැඩි පිරිසකට අඳුරු වර්ණයේ සමත් ඇති පසුබිමකය.

චෙන්නායි හි සිටින ඡායාරූප ශිල්පීන් වන නරේෂ් නිල් සහ භාරද්වාජ් සුන්දර්, ඈත ඉතිහාසයක් ඇති සම්ප්‍රදායද සියලු ඒකාකෘතිද බිඳ දමා මෙතෙක් පැහැපත් වර්ණයෙන් නිරූපත දේව ප්‍රතිමා අඳුරු ස්වරයකින් පැහැ ගන්වනු ලැබුවේ අඳුරු වර්ණයද දිව්‍යමය බවට සනාථ කරමිනි

දෙවියන්ගේ පැවති ප්‍රතිරූපයම ඔවුන් නැවත නිර්මාණය කර ඇත.

1. ලක්ෂ්මි දේවතාවිය

2. දුර්ගා දේවතාවිය

3. සරස්වතී දේවතාවිය

4. ශිව දෙවියන්

5. ක්‍රිෂ්ණා දෙවියන්

6. බාල මුරුගන්, සුබ්‍රමනියම් සාමිවරයාගේ ස්වරූපය

7 සීතා මාතාව



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි