×

ඉන්දියානුවන් දිවාලී උත්සවය අති උත්කර්ෂවත්ව සමරයි

දිවාලි උත්සවය නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය අපේක්ෂා කරයි.


මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ආලෝකයේ දීප්තිමත් උත්සවය හෙවත් දිවාලී උත්සවය අද(12) දින ඇති උත්කර්ෂවත්ව සමරනු ඇති බව වාර්තා වේ.

දිවාලි උත්සවය නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය අපේක්ෂා කරයි. අඳුර පරදවා ආලෝකයේ ජයග්‍රහණයත්, දුක පලවා ප්‍රීතියත් සනිටුහන් කිරීමට මිනිසුන් කුඩා තෙල් පහන් සහ කඩදාසි කූඩුවලින් තම නිවෙස් ආලෝකවත් කරයි.

අමුත්තන් පිළිගැනීමට සහ ඔවුන්ගේ නිවෙස්වලට වාසනාව සහ සෞභාග්‍යය ගෙන ඒම සඳහා මිනිසුන් විචිත්‍රවත් රංගෝලි වලින් එළිමහන් අවකාශයන් අලංකාර කරයි.

රසකැවිලි අසල්වැසියන් සහ මිතුරන් අතර බෙදා හරිමින් සතුට, සෞඛ්‍ය පතා යාච්ඤා කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි