×

ඉන්දියාවේ සහල් අපනයනය තහනම් කෙරේ

මෙම තහනම මඟින් සුදු සහල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම සහතික කිරීම හා පාරිභෝගිකයින් සඳහා මිල පහත වැටීම අපේක්ෂා කෙරේ.


පවතින අධික වර්ෂාවෙ හේතුවෙන් දේශීය භෝගවලට බලපෑම් එල්ල වීමත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ඇති වූ ධාන්‍ය සැපයුමේ බාධා හේතුවෙන් ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යනු ඇතැයි යන බියත් හේතුවෙන්, දේශීය උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් අපනයනය තහනම් කර ඇති බව වාර්තා වේ.

මෙම තහනම මඟින් සුදු සහල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම සහතික කිරීම හා පාරිභෝගිකයින් සඳහා මිල පහත වැටීම අපේක්ෂා කෙරේ.

ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු වන අතර ගෝලීය නැව්ගත කිරීම් වලින් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් සපයයි. ඉන්දීය සහල් ජාත්‍යන්තර අළෙවිය තුළ 35%කින් ඉහළ ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු, ආහාර සහ පොදු බෙදාහැරීමේ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියාවේ ජනතාව දැන් වසරකට පෙර සහල් සඳහා 11.5% වැඩි මුදලක් ගෙවමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඉහළ යන ආහාර උද්ධමනය දිල්ලියේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවට ඉදිරි වසරේ ජාතික මැතිවරණ සහ ප්‍රාන්ත මට්ටමේ මැතිවරණවලට පිවිසිමට දැඩි බාධාවක් බවට පත්ව ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි